එමෙන්ම එම ගොවීන්ට අවශ්‍ය බීජ සහ පොහොර නොමිලේ ලබා දීමට කටයුතු කරන බවත්, ගිය සතිය තුළ දී හෙක්ටයාර එකොළොස්දහසක පමණ වගා කටයුතු වගා කටයුතු වලට හානි වී ඇති බවත්, ඉන් වැඩිම හානිය යාපනය දිස්ත්‍රික්කය බවත් ඒ මහතා මෙහි දී කියා සිටියේය.
එපමණක් නොව අයහපත් කාලගුණ තත්ත්වය නිසා වී පමණක් නොව එළවලු ඇතුළු අනිකුත් බෝග වගාවන්ට ද හානි සිදු ව තිබෙන අතර නුවරඑළිය දිස්ත්‍රික්කයට පසුගිය මාස තුනක කාලය ඇතුලත එක් එක් මාස වල දින විස්සකට වඩා වර්ෂාපතනය ලැබීම හේතුවෙන් එළවලු වගාවන්ට හානි සිදුව ඇති බවත්, ඒ හේතුව නිසා මේ වන විට එළවලුවල ද මිල ඉහළ ගොස් ඇති බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.