අමාත්‍යංශ විශේෂ ප්‍රකාශයක් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසිය.
ඊයේ (23) දින සිදුවූ කින්නියා පාලම් පාරුවේ ඛේදවාචකය සම්බන්ධයෙන් ශෝඛය පළ කරන බවත් රෝහල් ගත වී ප්‍රතිකාර ලබන සියළු දෙනාටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවද අමාත්‍යවරයා කීය.
අවසර නැතුව මෙලෙස පාරු සේවයක් ක්‍රියාත්මක කිරීම නිසා ජීවිත රැසක් අකාලයේ විනාශ වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා ,මෙම කළපුවේ පාලමක් ඉදිකිරීමට තමා පසුගිය කාලයේදී මුල්ගල තැබූවද එය ආප්ප පුච්චන්න සේ ඉදි කළ නොහැකි බවද කලපුවක් මැද පාලමක් ඉදි කිරීමේ දී සිදු කළ යුතු වැඩ කොටසක් තිබෙන බවත් පාලම ඉතාම ඉක්මනින් ඉදිකර අවසන් කිරීමට රජය බලාපොරොත්තු වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ ය.