පෙබරවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    ජනමාධ්‍ය අමාත්‍යංශයට අදාළ ප්‍රධාන ආයතනවල අනපනත් අනාගතයට ගැළපෙන පරිදි යාවත්කාලින කිරීමට පියවර - ජනමාධ්‍ය අමාත්‍ය

    නොවැම්බර් 24, 2021

    ජනමාධ්‍ය අමාත්‍යංශයට අදාළ ප්‍රධාන ආයතනවල අනපනත් අනාගතයට ගැළපෙන පරිදි යාවත්කාලින කිරීමට පියවර ගන්නා බව ජනමාධ්‍ය අමාත්‍ය , කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටී.

    ඒ මහතා මේ බව කියා සිටියේ, අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ය.

    මෙම කටයුත්ත අනාගතවාදී සමාජයක් උදෙසා වෘත්තීය ශක්තිමත්භාවය වෙනුවෙන් සහ භාණ්ඩාගාරය මත යැපෙන බොහෝ රාජ්‍ය ආයතන ඉන් මුදවා ගැනීමේ අලුත් මාවත් විවෘත කරගැනීම යන අභිලාෂයන් පෙරටු කර ගෙන ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් තමන් විසින් පවත්නා යල් පැනගිය අනපනත් සංශෝධනයට ඉදිරිපත් කරන ලද යෝජනාව කැබිනට් මණ්ඩලය ඒකමතිකව සම්මත කොට තිබෙන බව ද කීය.

    නව තාක්ෂණය ප්‍රධාන ආයතනවලට මුසු වී නොමැති කම නිසා නව මංපෙත් විවර කරගෙන යාමේ දී වර්තමානයේ බොහෝ බාධාවන් මතුව ඇති බවත්, ආයතන ඩිජිටල්කරණයට ලක් කිරීම මඟින් එහිදී නූතන තාක්ෂණය භාවිතා කිරීම මඟින් එම ආයතනවල සේවකයින් ඉතාමත් ශක්තිමත් කිරීමටත් හැකි වනු ඇති බව  අමාත්‍යවරයා  කියා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya