පෙබරවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන්ට ජනවාරි මස ස්ථීර පත්වීම්

    නොවැම්බර් 24, 2021

    උපාධිධාරින් 53,000ක් සංවර්ධන නිලධාරින් ලෙස රාජ්‍ය සේවයට බඳවා ගත් අතර මෙම උපාධිධාරින් එළඹෙන 2022 ජනවාරි 01 සිට ස්ථිර කිරීමට කටයුතු කර ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    2021 වසරේ දී වසංගත තත්ත්වය හමුවේ වුවද මෙරට රාජ්‍ය යාන්ත්‍රණය යථා තත්ත්වයේ පවත්වාගෙන යාමට හැකි වීම රජය ලද ජයග්‍රහණයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, විභාග පවත්වමින්, ශ්‍රී ලංකා පරිපාලන සේවය, ගණකාධිකාරී සේවය, ඉංජිනේරු සේවය යන අංශවලට නවක නිලධාරින් බඳවා ගැනීමට හැකි වූ බවත් කාර්ය මණ්ඩලය පුළුල් කිරීමෙන් රාජ්‍ය අංශය බල ගැන්වීමට හැකි වූ බවත් පෙන්වා දුන්නේය.

    තවද ග්‍රාමීය සංවර්ධන කටයුතු අඛණ්ඩව පවත්වා ගැනීමට හැකි වු බව පෙන්වා දුන් අමාත්‍යවරයා, නිලධාරින්ගේ කැපවීම මත කොවිඩ් වසංගතයෙන් රට මුදවා ගැනීමේදී දියුණු රටවලට සමාන අන්දමින් එම කටයුතු පවත්වාගෙන ගිය බව සඳහන් කළේය.

    රාජ්‍ය සේවයේ දැනට පවතින ගුරු ගැටළුව, වැටුප් විෂමතා ඉවත් කිරීම මෙවර අයවැයෙන් කටයුතු කර තිබේ. රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ග කර තිබේ. එහෙත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවද අමාත්‍යවරයා කීය‍

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya