අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ය.
නුතන තාක්ෂනය භාවිතා කිරීම මඟින් ජංගම ගෙවීම් යෙදුමක් ලෙස ක්‍රියාත්මක වන මෙමඟින් අධිවේගී මාර්ග වල නොරැඳී ඇතිවන තදබදය අවම කරගැනීමට හැකි වනු ඇති බව ද හෙතෙම කියා සිටියේය.
එමෙන්ම, රජය විසින් ශ්‍රී ලංකාව තුළ භෞතිකව මුදල් භාවිතය අවම කිරීමේ අරමුණින් Lanka QR ගෙවීම් ක්‍රමය ප්‍රචලිත කිරීමට සියලු බලපත්‍රලාභී මුල්‍ය ආයතන සමඟ එක්ව කටයුතු කරමින් සිටී. එකී එක පියවරක් වශයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කළමනාකරණය කරනු ලබන අධිවේගී මාර්ග වල අතින් ගාස්තු ගෙවීම් හා එකතුකිමේ දොරටු සඳහා ද Lanka QR හඳුන්වා දීමට යෝජනා වී තිබේ.
මෙමඟින් සිය ජංගම දුරකතනයේ අදාළ මුදල් සටහන් කර ඕනෑම බැංකුවක Lanka QR සක්‍රීය ජංගම ගෙවීම් යෙදුමක් මඟින් ගාස්තු අයකිරීමේ ගේට්ටුවේ ඇති QR කේතය පරිලෝකනය කිරීමෙන් තත්ත්පර 8-10 ත් අතර කාලයක් තුළ අධිවේගී මාර්ග භාවිත කරන රියදුරන්ට අදාළ ගෙවීම සිදු කිරීමේ හැකියාව ලැබෙනු ඇත.