පෙබරවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    අවුරුදු 20 ඉක්මවූ මෙරට පුරවැසියන් සඳහා බූස්ටර් එන්නත

    නොවැම්බර් 24, 2021

     මේ අතර මංගල උත්සව , සිනමාශාලා , ආපනශාලා , හෝටල් සංකීර්ණ , උත්සව සංවිධාන ක්ෂේත්‍ර සාමාන්‍ය පරිදි..........

    · එහෙත් සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකළහොත් දැඩි තීන්දු....

     

    අවුරුදු 20 ඉක්මවූ මෙරට පුරවැසියන් සඳහා බූස්ටර් එන්නත ලබා දීමට අද (24) තීරණය කෙරුණු බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ මේ සඳහා වන වැඩපිළිවෙල සකස් කෙරෙන බවද අමාත්‍යවරයා අවධාරණය කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (24) විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    මේ වන විට අවුරුදු 60 ඉක්මවූ පුරවැසියන් සඳහා බූස්ටර් එන්නත ලබා දීම ආරම්භ කර තිබේ. මෙලෙස අවුරුදු 60 ඉක්මවූ පුරවැසියන් සඳහා බූස්ටර් එන්නත ලබා දීම මෙරට ආරම්භ කළද ලොව ඇතැම් රටවල් එය ලබාදීම ආරම්භ කරන ලද්දේ අවුරුදු 65 ඉක්මවූ පුද්ගලයන්ගෙන් බවත් හෙතෙම පෙන්වා දෙයි.

    මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුළු ඒ සඳහා සහයෝගය ලබා දෙන ඉදිරි පෙළ කණ්ඩායම් සඳහා බූස්ටර් එන්නත ලබා දීම ආරම්භ කර ඇති අතර එය මේ වන විට එය 380,213 දෙනෙකුට ලබා දීමට පියවර ගෙන ති‍බේ.

    මේ වන විට සමස්ත ජනගහනයෙන් 73% ට එන්නත ලබා දී ඇතැයිද ඉදිරි දින කිහිපය තුළ 75% ක ඉලක්කයක් සඳහා යන වැඩපිළිවෙල ඒ අනුව ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. මෙය රටේ සමස්ත ජනතාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බවද හෙතෙම පෙන්වා දෙයි.

    ළමුන් සඳහා වන එන්නත්කරණය ලක්ෂ 11 ට ආසන්න ප්‍රමාණයකට මේ වන විට ලබා දී ඇතැයිද ඉලක්ක ගත ප්‍රමාණයෙන් තවත් ලක්ෂ 02 ට ආසන්න ප්‍රමාණයකට ලබාදීමට වැඩපිළිවෙල සකස් කර ඇතැයිද ඒ මහතා කීය.

    මේ අතර මංගල උත්සව , සිනමාශාලා , ආපනශාලා , හෝටල් සංකීර්ණ , උත්සව සංවිධානය ආදී ක්ෂේත්‍ර සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සාමාන්‍ය පරිදි වහා යළි ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරුණු බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.මෙයට පෙර 25% ක්, 50% ක් ආදී වශයෙන් මෙම ක්ෂේත්‍ර ක්‍රමානුකූලව ආරම්භ කෙරිණි.

    කෙසේ වෙතත් එළඹෙන සිකුරාදා ජනාධිපතිතුමන් හා සාකච්ඡා කර විවෘත කෙරෙන ක්ෂේත්‍රයන්හි කුමන සීමාවන් තුළ සිට ක්‍රියාත්මක කළ යුතුද යන්න තීරණය කෙරෙන බව හෙතෙම පැවසීය. විශේෂයෙන් මෙම ක්ෂේත්‍ර විවෘත කළද මුව ආවරණ පැළඳීම , පූර්ණ එන්නත්කරණය ලබා තිබීම , දුරස්ථභාවය ආදී කරුණූ අවධානයට ගතයුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. මෙම ක්ෂේත්‍ර ක්‍රියාත්මක කරන පිරිස් හා ඒ සඳහා එක්වන පුරවැසියන් සෞඛ්‍ය මාර්ගෝපදේශ හා සෞඛ්‍ය පිළිවෙත් පිළිබඳ පූර්ණ අවධානය යොමු කළ යුතු බවත් එසේ නොවුවහොත් යළි මේ සම්බන්ධයෙන් යම් යම් දැඩි තීන්දු ගැනීමට සිදු වන බවත් ඒ මහතා කීය.

    කොවිඩ් ව්‍යසනය තුළ රට සාමාන්‍යකරණය කරා ගෙන යාමේදී දීර්ඝ කාලීන වැඩපිළිවෙලකට යා යුතු බවත් එහිදී ලාභ ප්‍රයෝජන වෙනුවෙන් කෙටිකාලීන වැඩපිළිවෙලවල් වලට නොයන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya