පෙබරවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    ඉදිරි වසර තුනේදී නාගරික සැලසුම් අංශය දියුණු කිරීමට විශේෂ වැඩපිළිවෙලක්

    නොවැම්බර් 25, 2021

    ඉදිරි 2022 සිට 2025 දක්වා වූ වසර 03 තුළ මෙරට නාගරික සැලසුම් අංශය දියුණු කර නගාසිටුවීමත්, නාගරික සංවර්ධන වෘත්තීය ක්‍රියාකාරින් ඒ හා සම්බන්ධ කරවීමත් අරමුණු කරගත් වැඩපිළිවෙළකට නාගරික සංවර්ධන අධිකාරිය මුලපිරූ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් ඇරඹුණු ශ්‍රී ලංකාවේ නාගරික සැලසුම් අංශයන්හි ගුණාත්මක බව සහ ප්‍රමාණාත්මක බව වර්ධනය කිරීම සඳහා වන එම වැඩපිළිවෙළට නාගරික සංවර්ධන අධිකාරිය සහ නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම් සහ ප්‍රජා පවිත්‍රතා රාජ්‍ය අමාත්‍යාංශය, ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිත ආයතනය (JICA) සමඟ පසුගිය දා ගිවිසුමකට එළඹිණ. මෙම ගිවිසුමට අත්සන් කරනු ලැබුවේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිත ආයතනයේ ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත ටෙට්සුයුන් යමාඩා යන මහත්වරු මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ.

    එම ගිවිසුමට අනුව, ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය බැහැරකිරීම සහ ප්‍රජා පිරිසිදුකම පිළිබඳ ඉදිරි ක්‍රියාකාරී ස්ථිරසාර වැඩ පිළිවෙළ ඇරඹීමට නියමිතව තිබේ.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් ගරු අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නංවනු ලබයි.

    එම සැලසුම්වලට අනුව නාගරික සංවර්ධන අධිකාරියට, නාගරික සැලසුම් සඳහා වඩාත් දියුණු නාගරික සැලසුම්කරණ වැඩපිළිවෙළක් සකස් කිරීමට සහයෝගය ලබාදීම ද සිදුකෙරේ.

    මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණෙහි අර්ථ දැක්වීමට අනුව නාගරික පර්යේෂණ මධ්‍යස්ථානයක් (URC) පිහිටුවීම නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයට අයත් අංගනයේ ස්ථාපනය කෙරෙන අතර, එය විශේෂඥ දැනුම ලබාදෙන ප්‍රධාන මධ්‍යස්ථානය ලෙසින් ක්‍රියාත්මක කෙරෙනු ඇත.

    එයට අමතරව මෙම අංගනය නාගරික සැලසුම්කරණයට අදාල පුහුණුව ලබාදෙන මධ්‍යස්ථානයක් ලෙසින් ද ක්‍රියාත්මක වේ. ඒ සඳහා විශේෂඥ පුහුණුකරුවන් සහ ඉහළ තත්වයේ පුහුණු උපකරණ, එයට අදාළ තාක්ෂණය මෙම අංගනයේ ස්ථාපිත කෙරේ.

    තවද, නාගරික සංවර්ධන අධිකාරියේ සමස්ත සැලසුම් ක්‍රියාවලියට නව සැලසුම් මෙවලම් සහ ක්‍රම හදුන්වාදීම, පුහුණුකරුවන් පුහුණු කිරීම (TOT), පුහුණුවන්නන් සඳහා පහසුකම් සැපයීම, නාගරික ක්‍රියාවලින් සමඟ උපාය මාර්ගික සැලසුම් හා ප්‍රවේශයන් ශක්තිමත් කිරීම, පර්යේෂකයන්ගේ උපදේශනයන් ලබාදීම, ධාරිතාවන් ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය මෘදුකාංග සහ දෘඩාංග ස්ථාපිත කිරීම මඟින් නාගරික සංවර්ධන අධිකාරියට පහසුකම් සැලසීම, නාගරික සංවර්ධන අධිකාරියේ දත්ත හුවමාරු කටයුතු සඳහා පහසුකම් සැලසීම මෙමඟින් සිදුකෙරෙනු ඇත.

    මෙම තාක්ෂණික සහයෝගිතා වැඩ පිළිවෙල සමඟින් ඉදිරි වසර 03 තුළ ශ්‍රී ලංකාවේ නාගරික සංවර්ධන ක්‍රියාවලිය විද්‍යාත්මක ක්‍රියාවලියකට ලක්ව වඩාත් වේගවත් සහ ඵලදායි තත්වයකට පත්වන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය අවධාරණය කර සිටියි.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් කාර්යාලයේදී පැවති මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාව සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (නාගරික සංවර්ධන) අංජලී දේවරාජා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර, බාහිර සම්පත් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සම්පත් මන්ත්‍රීනායක, ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිත ආයතනයේ ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත ටෙට්සුයුන් යමාඩා, ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිත ආයතනයේ ශ්‍රි ලංකා කාර්යාලයේ නියෝජිත ටකාෂි ෂිමාඩා, ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිත ආයතනයේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති විශේෂඥ නාමල් රළපනාව යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරිහු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya