පෙබරවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ පුරවැසි අධ්‍යාපනය සඳහා නීතිය විෂය ඉදිරියේ දී එක් කරනවා- රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත

    නොවැම්බර් 25, 2021

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ පුරවැසි අධ්‍යාපනය සඳහා නීතිය විෂය ඉදිරියේ දී එක් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා අද(25) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    විපක්ෂයෙන් මතු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ කීය.

    අධ්‍යපන අනුකමිටු වාර්තාව අධ්‍යාපනඥයින් සහ නීතිඥ සංගමය එක්ව සකස් කළ බවත් ඊයේ රැස් වු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු උපදේශක කාරකසභාව විසින් පාසල් දරුවන්ගේ මානසික පීඩනය අඩු කර ගැනීමට විවිධ යෝජනා රැසක් ද ඉදිරිපත් කළ බවත් අමාත්‍යවරයා පැවසීය.

    පාසල් කාලයේ සිට දරුවන්ගේ ආකල්ප වර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡා කරන බව කි අමාත්‍යවරයා, අධ්‍යාපනය දැනුම අතින් ඉදිරියේ සිටිය ද කුසළතා සහ ආකල්ප එතරම් ඉදිරියේ නැති බවද කීය.

    එක්සත් ජාතින්ගේ තිරසර සංවර්ධන ඉලක්ක අතරින් පස්වන ඉලක්කය වනුයේ ස්ත්‍රී පුරුෂ සමානභාවයයි. එහි සාමාජික රටවල් 185 ම එම ඉලක්ක පිළිපැදීමට බැඳී සිටින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, දරුවන්ටද ඊට හුරු කරවීම මෙම වැඩපිළිවෙළ ඔස්සේ හැකියාව ලැබෙන බව පෙන්වා දුන්නේ ය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya