ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ අද (25) දින විවාදය ආරම්භ කරමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
මෙම විවාදය රැහේ අය පිළිබඳ කතාකරන විවාදයක් ලෙස තමාට හැඟෙන බවත් අද මෙම විවාදයේ මගේ කම පිළිබඳ සුවයක් දැනෙන බව පැවසූ මන්ත්‍රීවරයා, පරිපූර්ණ මාධ්‍යවේදියෙකු ජනමාධ්‍ය විෂය පිළිබඳ අමාත්‍යධූරය දැරීම සම්බන්ධයෙන් තමාගේ අධ්‍යාත්මය තුළ සතුට ඇතැයිද කීය.
අද වන විට සත්‍ය සිදුවීම්, දත්ත සහ තොරුතුරු මත පදනම්ව සත්‍ය ගවේෂණය කරනු වෙනුවට පුද්ගලික වුවමනාවන් සහ විශ්වාසය මත සත්‍ය අලුතින් නිර්මාණය කිරීමේ අභියෝගයට ලෝකය මුහුණ දෙමින් සිටින බවත් මේ හේතුවෙන් ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියා හඳුනාගත නොහැකි වී ඇතැයි ද මන්ත්‍රීවරයා කිය. පශ්චාත් සත්‍ය හෙවත් post Truth ලෙස හඳුන්වන මෙම නව සන්නිවේදන ප්‍රවණතාව විසින් ජනසන්නිවේදන, මූලධර්ම , ජනමාධ්‍ය ආයතන සහ එහි කාර්යභාරය අද අභියෝගයට ලක් කර ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.
විවේකයක් නොමැතිව නිවාඩුවක් නොමැතිව මෙම කාර්යභාරය වෙනුවෙන් කැප වන මාධ්‍යවේදින්ට තම ගෞරවය හිමි වන බව පැවසූ මන්ත්‍රීවරයා, මෙම දුෂ්කර කාර්යභාරය වෙනුවෙන් කැපවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදින්ට ගෞරවනීය උත්තමාචාරය පුදකරන බවද කීය. ජනමාධ්‍ය අමාත්‍යංශයේ දැක්ම වූ මනාව දැනුම්වත් වූ බහුමතික සහ සක්‍රීය සමාජයක් වෙනුවෙන් වූ දැක්ම ක්‍රියාත්මක වනු ඇති බවද කීය.