රටක ප්‍රජාත්‍රන්තවාදය පිළීබිඹු වන්නේ ජනමාධ්‍යකරුවාගේ නිදහස සමග බවද අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේය.
ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ අද(25) දින විවාදය ආරම්භ කරමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
රාජ්‍ය මාධ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය වශයෙන් බෙදීමක් තිබිය යුතු නැති බව පෙන්වා දුන් අනුර ප්‍රියදර්ශන මහතා අද රාජ්‍ය මාධ්‍ය විශාල වශයෙන් පාඩු ලබන ආයතන බවට පත් වී ඇතියිද පෙන්වා දුන්නේය.
මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් මෙරට ලොකු ඉතිහාසයක් තිබෙන බව පෙන්වා දුන් මන්ත්‍රිවරයා, රජකාලයේ සිට අයබදු අයකරගනිමින් ඒ පිළිබඳ ජනතාව දැනුම්වත් කර තිබේ. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය දීර්ග කාලයක් තිස්සේ ලැබුණු උරුමයක් බවද සමාජය මෙන්ම ජනමාධ්‍යත් අද දියුණු වී තිබෙන බවත් , රජයට එරෙහි ප්‍රකාශ සම්බන්ධයෙන් කලබල නොවී පැහැදිළි පිළිතුරු දීමේ හැකියාවක් රජයට තිබිය යුතු බවද මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා කීය.