අද (25) පෙරවරුවේ මහ බැංකු පරිශ්‍රයේ පැවති ශ්‍රී ලංකා මහ බැංකුවේ 08 වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මහබැංකු අධිපතිවරයා මේ සම්බන්ධයෙන් පැවසීය.
යම් අයෙකුට මුදල් එවීමට නිල මාර්ගයක් ඇති බවත් එම නිල මාර්ගය ඔස්සේ මුදල් එවීමට අවශ්‍ය බවත් එසේ නොවේ නම් එය මුදල් නීතිරීති උල්ලංඝනයක් බවත්, නුදුරේදී අයුතු ලෙස විදෙස් මුදල් ගණුදෙනු කරන පිරිසට විරුද්ධව නීතිමය කටයුතු කරන බවත් මහ බැංකු අධිපතිවරයා පැවසීය.
එමෙන්ම විදෙස් මුදල් මෙරටට එවීමේදී ලැබෙන ප්‍රතිලාභ අඩු වීම හේතුවෙන් එය නිල ක්‍රමවේදය වෙනුවට අයථා ක්‍රම යටතේ හුවමාරු කිරීමට පිරිස් පෙළඹී සිටින බවත්, නුදුරේදීම මෙරට විදෙස් මුදල් ගණුදෙනු කරන පිරිසට ලබාදෙන ප්‍රතිලාභ වැඩි කිරීමට කටයුතු කරන බවත්, දැනටමත් වැඩිපුර ලබාදෙන රුපියල් 2ට අමතරව විශ්‍රාම වැටුප් ක්‍රමයක්, රක්ෂණ ක්‍රම, වැනි ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරන බවත්, මහබැංකු අධිපතිවරයා පැවසීය.
එම ගන්නා ක්‍රියාමාර්ග මඟින් විදෙස් ප්‍රේෂණ වැඩි කිරීමට තමන් කටයුතු කරන බව ද අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.