එම උළෙලේදී දිස්ත්‍රික් මට්ටමින්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් දක්ෂතා දැක්වූ ස්වශක්ති සංවිධාන හා එම සංවිධාන සාමාජිකයන්, ස්වශක්ති ව්‍යාපෘති, නිවෙස් මට්ටමේ සමාජගතවූ අබාධ සහිත ආදර්ශමත් පුද්ගලයන්, හොඳම ප්‍රදර්ශනාත්මක නිර්මාණය ඉදිරිපත් කළ ආබාධ සහිත පුද්ගලයන්, ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් නිර්මාණය කළ හොඳම නිර්මාණකරුවන් සහ ආබාධ සහිත පුද්ගලයන් රැකියා ගතකළ හොඳම සේවායෝජකයන් හා ආයතන ඇගයීමට ලක්කර ජාතික මට්ටමින් තෝරාගත් ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් වෙනුවෙන් සම්මාන, සහතිකපත්‍ර හා මුදල් ත්‍යාග පිරිනැමීම සිදු කෙරිනි.
මෙවර ඉදිරිපත් කළ අයවැය සමාජයේ වටිනා සම්පතක් වන ගැබිනි මව්වරුන් හා කුඩා දරුවන් වෙනුවෙන් සාධනීය මෙහෙයක් ඉටු කිරීමට යෝජනා කළ අයවැයක් බවත්, මෙම අයවැය තුළ ගැබිනි මව්වරුන් වෙනුවෙන් හා කුඩා දරුවන් වෙනුවෙන් කර ඇති යෝජනා සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බවත්, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත සහ COVID රෝග පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
“ස්වාභිමානී 2019- 2020” සම්මාන උළෙල අමතමින් මේ බව පැවසීය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය පැවසුවේ ලබන වසරේදී ආබාධිත පුද්ගලයන් කල් ඇතිව හඳුනා ගැනීම සඳහා වැඩිපිළිවෙලක් දිස්ත්‍රික් 05ක ක්‍රියාත්මක කරන බවත්, එම පුද්ගලයන් ස්වාධීන අයවලුන් කිරීමට මෙන්ම රැකියා වෙළඳපොල තුළ ඔවුන්ට ඉඩක් ලබාදීම සඳහා වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක බවයි. එමෙන්ම ආබාධිත අයවලුන්ට අවස්ථා ලබාදුන් පෞද්ගලික සමාගම්වලට සිය ස්තුතිය පුදකළ අමාත්‍යවරිය 2022 වසරේදී සිය අමාත්‍යංශය ගම හා ප්‍රජාව සමීප කරගෙන කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.
මෙම සම්මානෝත්සවය 2017 වසරේදී ආරම්භ කළ අතර 2019 වර්ෂයේ සිට පැවති විවිධ බාධා හේතුවෙන් 2019 හා 2020 උළෙල ඒකාබද්ධ කර මෙම වසරේ පැවැත්වීය. මෙම අවස්ථාවට ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත සහ COVID රෝග පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනේත්‍රා ගුණවර්ධන, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න, සමාජ සේවා අධ්‍යක්ෂ චන්දන රණවීරආරච්චි මහතා ඇතුලු රාජ්‍ය නිලධාරිහු සහභාගි වූහ.