ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා සිය මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දෙයි.
එම ඉල්ලා අස්වීම 2021 වසරේ නොවැම්බර් 25 වැනි දින සිට, එනම් අද දින සිට බලපැවැත්වෙන බවද හෙතෙම යවන ලද ලිපියේ සඳහන් වේ.
1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට මෙම දැනුම් දීම සිදුකර ඇත.