රජය ගන්නා ඉදිරි පියවර සම්බන්ධයෙන් සියලු දෙනා දැනුම්වත් කර ඔවුන්ගේ තොරතුර ලබා ගන්නා බවද කීය.
විදේශ කටයුතු අමාත්‍යංශයේ වැය ශීර්ෂය විවාදයට ඒක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
එහෙත් ජාත්‍යන්තර අධිකරණයට ගොස් ශ්‍රී ලංකාව වැරදිකරුවන් කිරීමට ගෙන යන විශේෂ යාන්ත්‍රණයට රජය විරුද්ධ වන බවද අමාත්‍යවරයා කීය.
රජය සෑම විටම මේ රටේ ආත්මගරුත්වය සහ තේජස ආරක්ෂා කරගනිමින් කටයුතු කරන බවත් රටෙඋ විදේශ ප්‍රතිපත්තිය කෙරෙහි පටු ආකල්ප වලින් තොර ජාතික දෘෂ්ඨිකෝණයකින් බලන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වසර 40ක් පමණ පැරණි පනතක් බවත් එම පනත හකුළා ගැනීමට රජය කටයුතු නොකරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා තර්ජන වලට බයේ එම නීති හකුළා නොගන්නා බවත් එහෙත් යම් යම් සංශෝධන සිදු කිරීමට බලාපොරොත්තු වන බවද ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී සියලු දෙනා දැනුම්වත් කරන බවද අමාත්‍යවරයා පැවසීය.
කොවිඩ් තත්වය සහ අයහපත් කළගුණය හේතුවෙන් කොන්සියුලර් සේවා ලබා ගැනීමට විශාල පිරිසක් පැමිණේන බැවින් කොන්සියුලර් සේවා කාර්යාලය තුළ පසුගිය දිනවල අධික තදබදයක් පැවති බවද අමාත්‍යවරයා කීය.
මේ හේතුවෙන් යාපනය, කුරුණෑගල වැනි ප්‍රදේශ වල ප්‍රාදේශීය කාර්යාල ආරම්භ කළද එම තත්වය සාර්ථක නොවූ බව පැවසු අමාත්‍යවරයා, ඒ සඳහා සෙලින්කෝ ගොඩනැගිල්ලේ කාර්යාලයක්ද අළුතින් ආරම්භ කළ බව සඳහන් කළේය.
අයෝජන පුළුල් කිරීම , සංචාරක ව්‍යාපාරය , විදේශ ශ්‍රමිකයින් යැවීම විදේශ කොන්සියුලර් හරහා තවදුරටත් පුළුල් කිරීම සම්බන්ධයෙන් විදේශ කොන්සියුලර් ආයතන සමඟ සාකච්ඡා කරන බවද කීය.