රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ, විදේශ අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට ඒක්වෙමිණි.
එහෙත් හිටපු විදේශ අමාත්‍යවරයා එක්සත් ජාතින්ගේ 1/30 වගන්තිය අත්සන් කළේ, හිටපු ජනාධිපතිවරයා හෝ මෙරට ජනතාව ඒ පිළිබඳව දැනුම්වත් නොකරමින් බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. යහපාලන රජයේ විදේශ ප්‍රතිපත්තිය වුයේ උඩ පනින්න කියන විට උඩ පැනීම බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ,
තවද විදේශ රටවල් සඳහා විදේශ ශ්‍රමිකයින් යැවීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් එළඹෙන දෙසැම්බර් මාසයේ සිට ජපානයේ ක්ෂේත්‍ර 14කට විදේශ ශ්‍රමිකයින් යැවීමටත්, තවද එංගලන්තය වැනි රටවල් සමග ගිවිසුම් අත්සන් කර හෙදියන් යැවීම පිළිබඳ සාකච්ඡා කර ඇතැයිද කීය.කොරියාව සහ රුමේනියාවටද ඉදිරියේදී ශ්‍රමිකයින් යැවීම තවදුරටත් පුළුල් වනු ඇත.
තමා BOI ආයතනයේ සභාපතිවරයා සමග ප්‍රංශයේ සංචාරය කළ බවත් ප්‍රංශය වැනි රටවල් සමග මෙරටට ආයෝජන ගෙන ඒම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයිද පැවසූ අමාත්‍යවරයා, රුසියාව යුක්රේන වැනි රටවල් සමග සංචාරක ප්‍රවර්ධන වැඩපිළිවෙළවල් සංවිධානය කර ඇති බවද කීය.
විදේශ තානාපති කාර්යාලවල යම් යම් අඩුපාඩු සිදු වී ඇති බවත් පැවති කොවිඩ් වසංගතය හේතුවෙන් මේ තත්වය උදා වී ඇතැයි පෙන්වා දුන් අමාත්‍යවරයා, කොන්සියුලර් සේවා අඩාල වී තිබූ බැවින් පසුගිය දිනවල සාමාන්‍ය දිනකට වඩා තුන්ගුණයක සේවාලාභීන් පිරිසක් පැමිණීම හේතුවෙන් මෙම තදබදය හටගත් බව පැහැදිළි කළේය.