ඇමරිකාවේ ෆ්ලෝරිඩාහි පදිංචි තේජ් සුබසිංහ මහතාගේ උපන් දිනය නිමිත්තෙන් මෙම ලැප්ටොප් පරිගණක පරිත්‍යාග කර ඇත්තේ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ඉල්ලීමක් අනුවය.
කොරෝනා වසංගතය නිසා අධ්‍යාපන කටයුතුවලට එල්ල වී ඇති බාධාවන් මැඩ ගෙන, මාර්ගගත ක්‍රමවේදයට අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට මෙම ලැප්ටොප් පරිගණක බෙහෙවින් ඉවහල් වන බව පරිගණකලාභි සිසුන් සඳහන් කළේය. මෙම විද්‍යාලයේ උසස් පෙළ සිසුන් 15 දෙනෙකුට හා සාමාන්‍ය පෙළ සිසුන් 10 දෙනෙකුට අමාත්‍යවරයා අතින් ලැප්ටොප් පරිගණක ප්‍රදානය කෙරිණ.