අප්‍රේල් 22, 2025
tami eng youtube  twitter facebook

    නව ව්‍යයසායකයින්ට බතික් නිර්මාණ පුහුණුව

    නොවැම්බර් 26, 2021

    සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යතාර්ථයක් බවට පත්කරමින් දේශීය කර්මාන්ත නගා සිටුවීම උදෙසා රජය මගින් පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති අතර ඒ යටතේ දේශීය මෙන්ම ජාත්‍යන්තර වෙළදපොළ තුළ ඉහළ ඉල්ලුමක් පවතින දේශීය බතික් හා ඒ ආශ්‍රිත ඇගලුම් නිෂ්පාදන සහ නිර්මාණකරණය සඳහා නව ව්‍යවසායකයින් බිහිකරලීමට බතික්, අත්යන්ත්‍ර හා රෙදිපිළි නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශය මගින් දීප ව්‍යාප්තව වැඩපිළිවෙල රැසක් ක්‍රියාවට නංවා ඇත.

    ඒ අනූව කැළණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බතික් ආශ්‍රිත නිෂ්පාදන කාර්යයන් සදහා උනන්දුවක් දක්වන්නන් උදෙසා ලංකා පේෂකර්ම හා ඇගලුම් ආයතනය මගින් ලබාදෙන ත්‍රෛමාසික ප්‍රායෝගික හා න්‍යායාත්මක පුහුණුව ලබාදීමේ සමාරම්භය කැළණිය සම්බන්ධීකරණ කමිටු සභාපති රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් කැළණිය, ගල්බොරුල්ල බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේ දී පසුගියදා (24) සිදුකෙරිණ.

    මෙම පුහුණු වැඩසටහන අදියර තුනක් යටතේ සිදුකරනු ලබයි. එහි ප්‍රථම අදියර උදෙසා 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් තෝරා ඇති අතර ඔවුන්ගේ අධ්‍යයන, පුහුණු, ප්‍රායෝගික ක්‍රියාකාරකම් මෙන්ම අවශ්‍ය උපකරණ ලබාදීම සදහා බතික්, අත්යන්ත්‍ර හා රෙදිපිළි නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශය මගින් රුපියල් ලක්ෂ 40ක මුදලක් එක් කණ්ඩායමක් උදෙසා වැය කරනු ලබයි.

     

    මෙම වැඩපිළිවෙල තුළින් බතික් ආශ්‍රිත නිෂ්පාදන කාර්යයන් සදහා නව ව්‍යවසායකයින් බිහි කරලීමට අවශ්‍ය සියලු පහසුකම් රජය මගින් සපුරාලනු ලබන අතර එම නිෂ්පාදන සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා දීම මෙන්ම ගුණාත්මක අතින් උසස් නිෂ්පාදන මිලදීගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වනු ලබයි. තවද ශ්‍රී ලාංකීය බතික් නිෂ්පාදන සිලෝන් බතික් නාමය යටතේ ජාත්‍යන්තර වෙළදපොල වෙත තරගකාරී මිල ගණන් යටතේ ඉදිරිපත් කර විදේශ විනිමය උපයා දේශීය ආර්ථිකය සවිමත් කරලීමත් ශ්‍රී ලාංකික ජනතාව බතික් ආශ්‍රිත නිමි ඇදුම් වෙත ආකර්ෂණය කරලීම තුළින් දේශීය ව්‍යවසායකයින් නංවාලීම මෙමගින් සිදුකරනු ලබයි.

    තවද මෙම අවස්ථාවේදී අඩු ආදායම්ලාභී පවුල් වල දූ දරුවන් උදෙසා පාසල් නිල ඇදුම් සහ උපකරණ මිලදී ගැනීමේ වවුචර්පත් ප්‍රදානය කිරීමද රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ සුරතින් සිදුකෙරිණි.

    මෙම අවස්ථාවට කැළණිය ප්‍රාදේශීය ලේකම් නදීශානි අමරසිංහ මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් ඇතුළු පුහුණුලාභීන් සහභාගී වූහ.

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya