අද දින වාරිමාර්ග අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් වාරිමාර්ග අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙරට ජනගහණයෙන් සැළකිය යුතු පිරිසක් බෝ නොවන රෝග හේතුවෙන් පීඩාවට පත්ව සිටින බවත් අපිරිසිදු ජලය සහ වැරදි ආහාර පරිභෝජනය ඒ සඳහා ප්‍රධාන සාධක වී ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙවැනි දීර්ඝ කාලීන ගැටළු සඳහා විසඳුම් ලබා දීම පහසූ නොවූවද ඒ සඳහා විසඳුම ලබා දීම රජයේ මුඛ්‍යතම වගකීම බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඒ සඳහා පසුගිය වසරේ අයවැයෙන් වාරි සෞභාග්‍යා වැඩසටහන හඳුන්වා දුන් බවද කීය. පසුගිය වසරේදී මැත යුගයේ වාරි ඉතිහාසයේ සිදු වූ දැවැන්ත වෙනස සිදු කිරීමට හැකි වූ බවත් පීඩාකාරී කාළගුණ විපර්යාස මධ්‍යයේ වුව ද වාරි සෞභාග්‍ය වැඩසටහන ආරම්භ කර තිබේ.
සැමට පිරිසිදු පානීය ජලය, කර්මාන්ත හා සේවා සඳහා අවශ්‍ය ජලය මෙන්ම පුනර්ජනනීය විදුලි උත්පාදනය දෙගුණයක් කිරීම සඳහා අවශ්‍ය ජලය ලබා දීම වාරිමාර්ග අමාත්‍යංශයේ ඉලක්කය බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එහෙත් අහසින් වැටෙන ජලය නිසි ලෙස ගබඩා කර නොගැනීම නිසා ජන ජීවිතය හා සමාජ හා ආර්ථිකයට වන හානිය විශාල බවත් අමාත්‍යවරයා කීය.
සංවර්ධනය සඳහා ඇති සැබෑ අභියෝගය මෙය බව පැවසූ අමාත්‍යවරයා ඉදිරි වසර 10 තුළ වැව් වල ගබඩා කර ගන්නා ජලය දෙගුණයක් කිරීමට කටයුතු කරන බව පැවසීය. නිසි කැපකිරීම සහ නිසි ආයෝජන කළහොත් 2030 වන විට සැමට පිරිසිදු පානීය ජලය, ගොවිතැන් සඳහා අවශ්‍ය ජලය, පුනර්ජනනීය විදුලිය නිපදවීමට අවශ්‍ය ජලය ප්‍රශස්තව සපයා දීමට හැකියාව ඇත.මෙමගින් මෙරට ආහාර නිෂ්පාදනය දෙගුණයකින් වැඩි කර ගතහැකි බවත්,අපිරිසිදු ජලය පානය කිරීම නිසා වන හානිය අවම කර ගත හැකි බවත් සාධාරණ මිල ගණන් යටතේ ආහාර පාරිභෝගිකයාට ලබා දිය හැකි බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා අතිරික්තව නිෂ්පාදනය වන කාබනික ආහාර අලෙවිකර විදේශ විනිමය උපයා ගැනීමට හැකි බවද පැවසීය.
මෙමගින් දැනට ආහාර ආනයනය කිරීම සඳහා වැයවන දැවැන්ත මුදල් ප්‍රමාණය ඉතිරි කර ගැනීමට හැකි වන බවත් විදුලිබලය නිපදවීම සඳහා ආනයනය කරන ඉන්ධන සහ ගල් අගුරුසඳහා වැය වන මහා ධනස්කන්ධය
මේ රට සංවර්ධනයට යොදා ගැනීම සඳහා යෙදවිය හැකි බවත් එමගින් මෙරට දැවෙන ප්‍රශ්න රාශියක් විසඳීමට ඉඩ සැළසෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙය විශාල මූල්‍ය ආයෝජනයක් හරහා ලගා කර ගත යුතු ඉලක්කයක් බව අමාත්‍යවරයා පැහැදිළි කළේය. ඒ අනුව මෙවර අයවැයෙන් මිලියන 68,000ක් වාරිමාර්ග අමාත්‍යංශය සඳහා වෙන්කර තිබේ.රට අනපේක්ෂිතව මුහුණ දෙන වසංගතය හමුවේ කඩා වැටුණු ආර්ථිකය මෙන්ම නිදහසින් පසු බලයට පත් වු බලයට පත් විවිධ රජයන් විසින් විවිධ ව්‍යාපෘතින් සඳහා ගත් විදෙස් ණය හේතුවෙන් මතු වී ඇති විදේශ අර්බුදය හමුවේ වුවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වාරි සෞභාග්‍යා වැඩසටහන ප්‍රධානම සංවර්ධන ප්‍රවේශයක් ලෙස හඳුනාගෙන මුදල් අමාත්‍යවරයාගේ මග පෙන්වීම මත ඉදිරි වසර සඳහාද අයවැයෙන් මෙලෙස මුදල් ප්‍රතිපාදන වෙන් කරතිබේ.
මෙගා වොට් 120ක් පුනර්ජනනීය විදුලිය උත්පාදනය කරන ජාතික විදුලිබල පද්ධතියට සපයන උමා ඔය බහුකාර්ය යෝජනාවලිය සහ පෝෂිත කුඩා වැව් 300ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය මොණරාගල කුඹුක්කන් ව්‍යාපෘතිය, පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය,වයඹ මහ ඇල ව්‍යාපෘතිය ,උතුරු මහ ඇල ව්‍යාපෘතිය, අත්තනගලු ඔය ව්‍යාපෘතිය හරහා ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 150,000ට පානීය ජලය සැපයීමේ ව්‍යාපෘතිය මේ වන විට ආරම්භ කර ඇති ව්‍යාපෘතින් සමහරකි.
2015 නොවැම්බර් මස අවසන් වීමට තිබූ මෙම උමාඔය බහුකාර්ය ව්‍යාපෘතිය පසුගිය රජය විසින් නවතා දැමූ බවත් එහෙත් එළඹෙන දෙසැම්බර් මස 25 දින මෙම වැඩපිළිවෙළ අවසන් කර රටට අවශ්‍ය විදුලිය සහ වැල්ලවාය ආසනයටම ජලය ලබා දීමට බලාපොරොත්තු වන බවද කීය. මෙම ව්‍යාපෘති අතරින් බොහොමයක් පසුගිය රජය විසින් අතරමග නවතා දමා තිබේ.
ඉලක්ක සහගත ලෙස මෙම ව්‍යාපෘතින්ගේ කටයුතු අවසන්කරමින් සිටින බව අමාත්‍යවරයා කීය. ලබන වසර අවසාන වන විට මහවැලිය තුළ තරුණ පරම්පරාවට යම් සහනයක් ඇති කරමින් රටේ සංවර්ධනයට දායක වීමට බලාපොරොත්තු වන බවත් නොකඩවා අඛණ්ඩව එම කටයුතු සිදු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.