පෙබරවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    අභියෝග මධ්‍යයේ වී ගොවිතැන්වල නියැළි ගොවීන්ගේ වී සඳහා දිරි දීමනාවක්

    නොවැම්බර් 26, 2021

    අභියෝග රැසක් මධ්‍යෙය් වුවද මහ කන්නයේ සියලු කුඹුරු මේ වන විටත් වගා කර අවසන් බවත් අභියෝග මධ්‍යයේ ගොවිතැන්හි නියැලි සියලු ගොවි මහතුන්ට තමාගේ සෑම වී කිලෝවක් සඳහා දිරි දීමනාවක් ලබා දීමට රජය කටයුතු කරන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා අද(26) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    අද පැවති කෘෂි කර්ම අමාත්‍යංශ සහ වාරිමාර්ග අමාත්‍යංශ වල වැය ශීරෂ පිළිබඳ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.


    "ගොවිමහතුන්ගෙන් 80% පමණ ප්‍රමාණයකට , දේශීය වශයෙන් නිෂ්පාදනය කළ පොහොර ලබා දී අවසන්. නිෂ්පාදකයින්ගෙන් ටෙන්ඩර් කැඳවා ඉතිරි ප්‍රමාණයද ගොවියන්ට ලබා දීමට කටයුතු කරනවා. මහ කන්නයේ අපේක්ෂිත අස්වැන්න, 100% ක් ලබා ගැනිමට හැකිබව විශ්වාස කරනවා. එළඹෙන යල කන්නය සඳහා අවශ්‍ය සියළුම සැළසුම් මේ වන විට අවසන්. ජනවාරි මස වන විට සියළුම කාබනික පොහොර නිෂ්පාදකයන්ගේ එකමුතුවෙන් ජාතික කාබනික පොහොර නිෂ්පාදකයන්ගේ සමූපකාර සමිතියක් අරඹනවා. ඒ සදහා සියළු පහසුකම් සපයමින් රටටම අවශ්‍ය ගුණාත්මක කාබනික පොහොර රට තුළම නිෂ්පාදනය කර ගොවිජනතාවට ලබා දෙන බවට සහතික වෙනවා."

    වී ගොවිතැනෙහි නියැළි ගොවීන්ට කාබනික පොහොර වෙනුවෙන් ලබා දෙන පොහොර සහනාධාරය 100%ක් නොමිලයේ ලබා දීමේ රජයේ පොරොන්දුව ඒ ආකාරයෙන්ම ඉටු කරන අතර එළවළු සහ අනෙකුත් භෝග සඳහා ද එම සහනාධාරය 50%ක් හෝ ලබා දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා කීය. ඉතා සාර්ථක ප්‍රථිඵල සහිත කෘමි විකර්ෂක රැසක් මේ වන විටත් හඳුනාගෙන ඇති බවත් ඒ සඳහා බලපත්‍ර ලබා දී ඇතැයිද කීය.

    මෙම වසරේ යල සහ මහ කන්නය වාර්තාගත වී ඇස්වැන්නක් ලබා ගත් බවත් රටට අවශ්‍ය ආහාර රට තුළම නිෂ්පාදනය කිරීමට රජය කටයුතු කළ බවද අමාත්‍යවරයා කීය. එහෙත් ඇතැම් ගොවියන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ හැසිරීම මත එම වාසිය පාරිභෝගිකයාට නිසි පරිදි ලබා දීමට නොහැකි වූ බවද කීය.

    වසර මැද භාගයේ රසායන පොහොර තහනම් කර රටට අවශය කාබනික් පොහොර රට තුළම නිපදවීමේ අභියෝගය තමාට භාර දුන් බවත් රටේ ජනතාව රෝගීන් කරන රටේ ඓතිහාසික උරුමයක් වන ස්වභාවික කෘෂිකර්මය විනාශ කිරීම නැවැත්වීමේ අභියෝගය තමා භාරගත් බවත් එහෙත් මෙම උතුම් කර්ත්‍යව්‍ය ක්‍රියාත්මක කරන විට ඊට විරුද්ධව බොහෝ පිරිස් නැගී සිටි බව සඳහන් කළේය.

    චීනයෙන් ආනයනය කළ කාබනික පොහොර නැව අද වන විට දින 70කටත් වඩා මහමුහුදේ නවතා ඇති බවත් චීන රාජ්‍ය මේ හේතුවෙන් අපේ රට සමග විරසක වී ඇති බවත් පෙන්වා දුන්නේය. ඇනවුම් කළ පොහොර තොග දෙකෙහි සාම්පල් දෙකක් ආයතන දෙකකට යැවූ බවත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පවසන්නේ අහිතකර ක්ෂ්ද්‍රජීවින් නොමැති බවයි. ශාක ආරක්ෂණ ආයතනය පවසන්නේ මෙහි අහිතකර ක්ෂුද්‍ර ජීවින් සිටින බවයි.

    තවද මෙරටට ගෙන්වීමට සැළසුම් කර නැනෝ නයිට්ට්‍රිජන් සම්බන්ධයෙන්ද තවත් අර්බුදයක් නිර්මාණය කළ බව කී රාජ්‍ය අමාත්‍යවරයා බොරු සංඛ්‍ය ලේඛන ඉදිරිපත් කරමින් චෝදනා කර බවත් ,ඉන්දියානු රජයේ ගුවන් හමුදා මගින් නොමිලයේ මෙම නයිට්ට්‍රිජන් පොහොර ගෙනා බවත් ඒ වෙනුවෙන් කිසිදු ගෞරවයක් හෝ ඉන්දීය රජයට ලබා නොදුන් බවද කීය.

    තමාට භාර දී ඇති අභියෝගාත්මක කර්තව්‍ය වගකීමෙන් යුතුව ඉටු කරන බවට තමා සහතික වන බවද අවසාන වශයෙන් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකශ කළේය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya