පෙබරවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල ( සංශෝධන ) පනත් කෙටුම්පතට කාරක සභාවේ අනුමැතිය

    නොවැම්බර් 27, 2021

    1981 අංක 66 දරණ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල්  පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතට වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරකසභාවේ අනුමැතිය හිමිවිය.

    මෙම අනුමැතිය හිමි වූයේ වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ( 25 ) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදී ය.

    මෙහිදී මෙම ( සංශෝධන) පනත් කෙටුම්පත මගින් කරුණු 03ක් ප්‍රධාන වශයෙන් සංශෝධනයට ලක් වන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය. එනම් මහපොළ ශිෂ්‍යත්ව අරමුදල ලලිත් ඇතුලත්මුදලි ශිෂ්‍යත්ව අරමුදල ලෙස නම වෙනස් කිරීම, මහපොළ භාරකාර අරමුදලේ සභාපතිධූරය ජනාධිපතිවරයා විසින් නම් කරනු ලබන විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ සභාපතිත්වය යටතට පත් කිරීම සහ එම ආයතන පිළිබඳව පොදු දේපල පනත යටතේ කටයුතු කිරීම යන සංශෝධන තුනයි.

    මේ අනුව ඉදිරි දිනකදී මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට නියමිතව තිබේ. එසේම මෙහිදී අදහස් දැක්වූ ගරු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් සමාජයේ කතාබහට ලක් වන කාරණා පිළිබඳවද පැවසීය. ඔහු සඳහන් කළේ, සංයුතිය වෙනස්වීම ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමට හේතුවක් නොවන බවයි. මේ පිළිබඳ මොරටුව විශ්වවිද්‍යාලය විසින් පර්යේෂණ කොට තහවුරු කොට ඇති බවද සඳහන් කළේය. එසේම ලිට්රෝ සමාගම විසින් වෙනස් කරන ලද ලීටර් 18ක නව ගෑස් ටැංකිය අත්හිටුවීමට ද කටයුතු කොට ඇති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය. මේ නිසා ගෑස් සම්බන්ධයන් පවතින ව්‍යාජ මතවාද පිළිබඳව සැලකිල්ලෙන් කටයුතු
    කරන ලෙසද අමාත්‍යවරයා පැවසීය.

    මීට අමතරව ලංකා සතොස නව ශාඛා ඇතිකිරීම පිළිබඳව, විසිතුරු මසුන් වගාව ප්‍රවර්ධනය කොට අපනයනය කිරීම පිළිබඳවද, මුං ඇට රජයෙන් මිලදී ගැනීම වැනි කරුණු පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට භාජනය විය.

    මෙම කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහන දිසානායක, ජගත් පුෂ්පකුමාර, අමරකීර්ති අතුකෝරළ, ගීතා සමන්මලී කුමාරසිංහ, අජිත් රාජපක්ෂ සහ වෛද්‍ය ගයාශාන් නවනන්ද යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya