පෙබරවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    ගෑස් සිලින්ඩර් පුපුරා යාමේ සිදුවීම් සම්බන්ධයෙන් සොයාබැලීමට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම රජය ගෙන තිබෙනවා- රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න

    නොවැම්බර් 27, 2021

    ගෑස් සිලින්ඩර් පුපුරා යාමේ සිදුවීම් සම්බන්ධයෙන් සොයාබැලීමට රජය ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම මේ වන විට ගෙන තිබෙනවා'' යැයි පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද(27) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    ගෑස් සිලින්ඩර් පුපුරා යාමේ සිදුවීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මීට මාස කිහිපයකට පෙර ලීට්‍රෝ සමාගම පාරිභෝගික අධිකාරියේ නීතිරීති වලට පටහැනි ලෙස ලීටර් 18 ගෑස් සිලින්ඩර් වෙළෙඳපළට නිකුත් කර කර තිබෙන බවත්. සංයුතිය වෙනස් කිරීම සම්බන්ධව කඩිනම් පරීක්ෂණ ආරම්භ කරමින් එම ගෑස් සිලින්ඩර් වෙළෙඳපළින් ඉවත් කර ගන්නා ලෙස එම සමාගමට දැනුම් දුන් බවත් පැවසූ අමාත්‍යවරයා, අද වන විට ලීටර් 18 ගෑස් සිලින්ඩර් නොමැති බවත් කිලෝ ග්‍රෑම් 12 ½ සහ කිලෝ ග්‍රෑම් 5 ධාරිතාවයෙන් යුතු 70.30 කියන සංයුතියෙන් යුතු ගෑස් සිලින්ඩර් පමණක් වෙළෙඳපල ඇති බවද කීය.

    ගෑස් සිලින්ඩරයේ ගුණාත්මක භාවය බැලීමට පරීක්ෂණ ආයතනයක් නොමැති වීම මෙරට පැවති ප්‍රධාන ගැටළුවක් වූ බවත් අද වන විට ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ගෑස් සිලින්ඩරයේ සංයුතුය සම්බන්ධයෙන් සොයා බැලීමට ඉන්ටෙක් ආයතනය සහ ඛනිජතෙල් සංස්ථාව, කටයුතු කරඇති බවත් සවස 5.00වන විට එම වාර්තා ලැබනෙ බවද කීය. ඒ අනුව එළඹෙන සඳුදා වන විට මේ සම්බන්ධ සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙරටට ලැබෙන පාරිභෝගික භාණ්ඩවල ගුණාත්මක භාවය සම්බන්ධයෙන් විශාල ගැටළුවක් ඇති වී ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ හේතුව නිසා , පාරිභෝගික රාජ්‍ය අමාත්‍යංශයක් ඇති කිරීමට කටයුතු කළ බවද කීය.

    ලෝකයේ සෑම රටකින්ම මෙරටට ගෙන්වන ගෑස් සම්බන්ධයෙන් ප්‍රතීතණ මණඩලයට සහතිකයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටි බවත් අද වන විට සියළුම රාජ්‍ය ආයතන මෙම ගෑස් ගැටළුව සම්බන්ධයෙන් කටයුතු කරන බවද කීය. ගෑස් සිලින්ඩරයට, ගෑස් වලට ප්‍රමිති ආයතය හරහා ප්‍රමිතියක් හඳුන්වා දීමට කටයුතු කර ඇති බවද කීය.

    මෙවැනි තත්වයක් ඉදිරියේදී ඇති වීමට ඉඩ නොතබමින් පාරිභෝගික ජනතාව ආරක්ෂා කර ගැනීම‌ වෙනුවෙන් රජය හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya