පෙබරවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    උත්සව සමයේ කොවිඩ්-19 රෝගයෙන් තොර වීමට වගබලා ගනිමු - නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    නොවැම්බර් 27, 2021

    උත්සව සමයේ covid-19  රෝගයෙන් තොරව සිටීමටත් හැකි වාතාවරණයක් සකස් කරගැනීම සියලුදෙනාගේම වගකීම බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේය.

     

    ඔහු මේ බව පැවසුවේ ඊයේ (26) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී කොවිඩ් පිළිබදව පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    ඉදිරි දින කිහිපයේදී අප රටෙහි ඉතාමත් තීරණාත්මක තත්ත්වයක් බලාපොරොත්තු වන බවත්, ජනතාව ඉතාමත් අවධානයෙන් කටයුතු කළ යුතු බවත් සිහිපත් කළ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කළේ ය.

    ඉදිරියේ දී අපේ රට බරපතල තත්ත්වයකට යාමට නොදී උත්සව සමය අපගේ ආධ්‍යාත්මික සුවය සමග ගතකිරීමට සුදුසු වාතාවරණයක් සකස් කරගැනීම වැදගත් වෙයි

    සාප්පු සවාරිවල යෙදීමේ ප්‍රවණතාවක් ද තිබෙන බව සදහන් කළ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා, මෙම තත්ත්වය නිසි පරිදි කළමනාකරණය කරගැනීම වැදගත් බවද සදහන් කළේය.

    සාප්පු යාම අද සිට ඇරඹීම ප්‍රමාද කරනවාට වඩා යහපත් වුවද සෞඛ්‍ය පුරුදු වලට අනුකූලව එම කටයුතු සිදුකිරීම වඩාත් සුදුසු බව ඔහු පැවසුවේය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya