පාසල් දරුවන් එල්ලෙන පාලම මත ගමන් කිරීම අනතුරුදායක බැවින් ඔවුන් සඳහා විශේෂ බස් රථයක් යෙදවීමටත්, පාලම අසළ ඇති තෙල්දෙණිය පොලිස් ස්ථානය විසින් තාවකාලික ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සහ ඔරුව මගින් ගමන් පහසුව සළසා ගන්නේනම් ජීවිතාරක්ෂක කබා යොදාගැනීමටත් ක්‍රමවේදයක් සැකසීම සඳහා අවශ්‍ය පියවර ගැනීමටත් ආණ්ඩුකාරවරයා විසින් උපදෙස් ලබා දෙන ලදී
මෙම අවස්ථාවට කුණ්ඩසාල ප්‍රාදේශීය සභා සභාපති රංජර අක්මීමන ඇතුළු දේශපාලන නියෝජිතයන්, පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න , මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, මැණික්හින්න ප්‍රාදේශීය ලේකම්තුමිය, ඇතුළු රාජ්‍ය නිලධාරීන්, මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ගම් වාසීන් පිරිසක් සහභාගී විය.
--