කින්නියා කුරින්ඥන්කර්නි පාලමෙහි ඉදිකිරීම් හේතුවෙන් එම කළපු ප්‍රදේශය ඔස්සේ එදිනෙදා ගමනාගමනයේදී ප්‍රදේශවාසීන් සහ පාසල් ළමුන් හට මුහුණ පෑමට සිදුවන දුශ්කරතා සැළකිල්ලට ගනිමින්, එම පාලමෙහි ඉදිකිරීම් කටයුතු අවසන් වන තෙක් ඔවුන් හට ආරක්‍ෂිතව ගමනාගමන පහසුකම් ලබා දීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ උපදෙස් මත මෙම මඟී යාත්‍රා සේවාව ආරම්භ කිරීමට පියවර ගන්නා ලදී.
ඒ අනුව, එකවර මඟීන් 25 දෙනෙකු බැගින් ආරක්‍ෂිතව ප්‍රවාහනය කිරීමට හැකි මඟී යාත්‍රාවක් නැගෙනහිර නාවික විධානයේ අධීක්‍ෂණය යටතේ මෙලෙස 2021 නොවැම්බර් 25 වන දින සිට උදෑසන 07.00 - 08.00 අතර සහ පස්වරු 12.00 – 02.00 අතර කාලසීමාවන් තුළදී යෙදවීමට නාවික හමුදාව විසින් කටයුතු කරන ලද අතර, මඟීන් හට ආරක්‍ෂිතව මෙම මඟී යාත්‍රාවට ගොඩවීම සඳහා තාවකාලික ජැටියක් ස්ථාපනය කිරීමටද නාවික හමුදාව විසින් කටයුතු කරන ලදී.