අබලි ද්‍රව්‍ය ලෙස භාවිතයෙන් ඉවත්කළ යන්ත්‍රෝපකරණ නැවත සකස් කොට භාවිතයට ගැනීමේ සංකල්පයට අනුව 2021 ජනවාරි මස 30 වන දින මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ හදිසි වැඩබිම් නිරීක්ෂණයේ දී ලබාදුන් උපදෙස්වලට අනුව මෙම ඇස්පෝල්ට් පූර්ව මිශ්‍රණ යන්ත්‍රය අලුත්වැඩියා කිටීමට කටයුතු කෙරිණ.
වසර 8 ක පමණ කාලයක සිට යන්ත්‍රාගාරය කොටස් අබලන්ව අක්‍රීය තත්වයට පත්වීම නිසා මෙහි නිෂ්පාදනය අතහැර දමා තිබිණි.නමුත් 2020 වසරේ මාර්ග කි.මි. 100,000 ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ වීමත් සමඟ ඇස්ෆෝල්ට් මිශ්‍රණ නිෂ්පාදන අවශ්‍යතාවය ඇතිවීමත් මෙම නිෂ්පාදනාගාරයේ අවශ්‍යතාවය ඉස්මතු විය. මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් සිදුකළ නිරීක්ෂණයෙඋදී මෙම යන්ත්‍රය දැක වහාම අළුත්වැඩියා කරන ලෙස දන්වන ලදී.
ඒ අනුව රු.මිලියන 28 ක් වැයකර මෙම යන්ත්‍රාගාරය අළුත්වැඩියා කර ඇත. මෙම සම්පුර්ණ පෙරමුසු යන්ත්‍රාගාරයේ වටිනාකම රු.මිලියන 152කි. පෙරමුසු යන්ත්‍රය මගින් මාර්ග සකස් කිරීමට යොදා ගන්නා ඇස්ෆෝල්ට් මෙට්‍රික් ටොන් 4000 ක් පමණ මාසිකව නිෂ්පාදනය කරන අතර වාර්ෂිකව මෙට්‍රික් ටොන් 48,000 මෙමගින් නිෂ්පාදනය කෙරේ. මගනැගුම ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමාගමේ යාන්ත්‍රික අංශයේ කාර්මික නිලධාරීන්ගේ කැපවීම හා ශ්‍රම දායකත්වය මත මෙම යන්ත්‍රය හා යන්ත්‍රාගාරය ඉතාමත් කෙටි කාලයාකින් නිම කර ඇත.
මෙම උත්සව අවස්ථාව ඇමතූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා-
මග නැගුම සභාපති තුමා ඇතුළු ඒ මණ්ඩලයට සුබ පතනවා, යකඩ වලට විකුණන්න තිබුන මේ ඇස්පෝල්ට් පූර්ව මිශ්‍රණ යන්ත්‍රය නවීකරණය කරලා ජනතාවට ලබාදීම සම්බන්ධව. ගනේපොල පෙරමුසු යන්ත්‍රාගාර අංගනය නිරීක්ෂනය කරන්න ගිය විට එහි අබලන් තත්වයේ තිබුණ මේ පෙරමුසු යන්ත්‍රය අලුත්වැඩියා කර නැවත භාවිතයට ගැනීමට පුළුවන් දැයි මා ඇසූ විට එහි සිටි සේවකයන් මෙය අලුත්වැඩියා කර නැවත භාවිතයට ගැනීමට පුළුවන් යැයි මා හට පැවසූ විට එම කාර්යය කිරිමට මා ඔවුනට උපදෙස් ලබා දුන්නා. අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ක්‍රියාත්මක වෙමින් පවතින අබලි ද්‍රව්‍ය ලෙස භාවිතයෙන් ඉවත්කළ යන්ත්‍රෝපකරණ නැවත ප්‍රතිනිර්මාණය කොට භාවිතයට ගැනීමේ සංකල්පය අතිගරු ගෝඨාභය රාජපක්ෂතුමාගේ සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබුණා. දූෂිත රජයක් දූෂිත නායකයෙක් කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට කාටවත්ම ඇඟිල්ල දික් කරන්න බැහැ. බොරු කියන්න මඩ ගහන්න ලේසියි. විපක්ෂයේ ඇට නැති දිව දැන් නැමිලාමයි තිබෙන්නේ මඩ ගහන්න සහ බොරු කියන්න. බොරු කියලා කියලා ඒ අයගේ දිව දැන් ඕන ඕන විදිහට නවන්න පදම් වෙලා තිබෙන්නේ.
ගෑස් ටැංකි පුපුරලා මිනිස්සු මැරුනා කියලා ජාතික පුවත්පතක් පසුගියදා වාර්තා කළා. නමුත් අපි ඒ සම්බන්ධව සොයා බලද්දි අපිට ගෑස් ටැංකි පුපුරලා මිනිස්සු මැරුණා කියලා වාර්තා වුණා. පොළොන්නරුව ප්‍රදේශයේ ගෑස් ටැංකියක් පුපුරලා අයෙක් ජීවිතක්ෂයට පත්වුනා කියලත් පසුගිය දා මාධ්‍ය වාර්තා කළා. නමුත් මිය ගිය අය මිය යෑමට පෙර පොලිසියට කටඋත්තරයක් ලබා දීලා තිබෙනවා සිදු වූ අනතුර සම්බන්ධව. මම මාධ්‍යයෙන් ඉල්ලීමක් කරනවා කරුණු හරිහැටි සොයා බලා වාර්තා කරන්න කියලා.පසුගිය දා මාධ්‍ය වාර්තා කළා, රටේ පෙට්ට්‍රල් ඩීසල් නැති වෙනවා කියලා. ඒකෙන් අනේ මිනිස්සු ගිහින් පෝලිම් වල හිටපු එක විතරයි. රටේ ඉන්ධන හිඟයක් ඇති වුනේ නැහැ. අපේ ආණ්ඩුව මාධ්‍යත් එක්ක හැප්පෙන ආණ්ඩුවක් නෙවෙයි. සෑම දෙයක් ගැනම සොයා බලා වාර්තා කරන ලෙසට මම මාධ්‍යයෙන් ඉල්ලීමක් කරනවා.
සිරිල් ගාමිණි පියතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට කැඳවීම සම්බන්ධයෙන් අද සෑම තැනම කතා වෙනවා. එතුමා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශ ලබා ගැනීමට තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට කැඳවා තිබෙන්නේ. සිවිල් පුරවැසියකු හෝ පූජ්‍ය පක්ෂයේ යම් කිසි කෙනෙක් යම් සිදුවීමක් සම්බන්ධව චෝදනාවක් එල්ල කරනවා නම් ඒ සම්බන්ධව සොයා බැලීම අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ කාර්යභාරය සහ යුතුකමයි. බැරිවෙලාවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මේ සම්බන්ධව පරීක්ෂණයක් සිදු නොකළා නම්, විපක්ෂය චෝදනා කරනවා මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව කටයුතු කරන්නේ නැහැ කියලා. සිරිල් ගාමිණි පියතුමා වෙනුවෙන් නීතිය අවභාවිතා කරන්නේ නැහැ. මම පියතුමාලාගෙන් ඉල්ලීමක් කරනවා දේශපාලන අතකොළු බවට පත් වෙන්න එපා කියලා.
මේ අවුරුදු දෙක ඇතුළත විපක්ෂය රට විවෘත කරමු, විදේශිකයන් ගෙන්වමු, රටේ ඩොලර් වැඩි කරගමු. ගොවිතැන් කරමු, ආර්ථිකය හදාගමු කියලා කවදාවත් කියලා නැහැ. 71 දී ජේආර් ජයවර්ධන විපක්ෂ නායකයා හැටියට මැතිණිට උදව් කරනවා කිව්වා. අද විපක්ෂය එහෙම නැහැ. ලංකාවට විදේශිකයන් එද්දී කොහොමහරි නතර කරන්න ඕනේ කියලා හිතනවා. තමන්ගේ කණ්ඩායම් ටික යොදවලා පහර ගහන්න උත්සාහ කරනවා. විපක්ෂය මේ රට ඉදිරියට ගෙනියන්න සහයෝගය දිය යුතුයි.
පසුගිය ආණ්ඩුව තිබුණා නම් අද වෙද්දි මොනවා වෙයිද. ශක්තිමත් කරලා තිබුණු ආර්ථිකය අනිත් පැත්තට පෙරලලා දැම්මේ ගිය රජය. ලංකාව සංවර්ධනය කරන්න අවශ්‍ය මුදල් තිබුණා. නමුත් අපිට ඩොලර් නැ ඒක අපි පිලිගන්න ඕනා. අපේ රටට විදේශ විනිමය උපයපු අහිංසක දරුවන් ලක්ෂ එකහමාරක් පමණ ලංකාවට නැවත ගෙන්නුවා. රටවිරුවන් ඡන්දය දාන්න ගෙන්නුවා කියලා අපිට බැන්නා. අපි ඔවුන්ව ගෙන්නලා ඔවුන්ට අවශ්‍ය කරන එන්නත ලබා දුන්නා. ලෝකයේ පිළිගත්තේ එක වැක්සින් එකයි රටකින් රටකට ඇතුළු වෙන්න. අපි ඒක වෙන්කරලා ලබා දුන්නා. ආපු අය නැවත පාස්පෝට් හදාගන ඔවුන් රටවල් බලා යනවා. විපක්ෂය ඊට පස්සේ රට දාලා මිනිස්සු යනවා කියලා මතයක් ගොඩ නැගුවා. පක්ෂ සමුළුව දවසේ මහින්ද මහත්තයා අපිට මේ ගැන හොයන්න කිව්වා. හොයනකොට අපිට හම්බ උනේ අපිම ගෙනාපු අපිම අවශ්‍ය එන්නති ලබාදීලා පිටරට යවන්න ලෑස්ති කරපු රටවිරුවන් තමයි ඒ යන්නේ කියලා. ලංකාව දාල යනවනම් යුරෝපෙට යන්න ඕනේ. නමුත් මේ යන්නේ යුරෝපෙට යන මිනිස්සු නෙමෙයි. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා හින්දා රට දාලා යනවා කියලා තියෙනවා. ඔහු නිසා තමයි ඔවුන් මේ රටට ආවේ. අනිත් රටවල මිනිසුන් දහස් ගණන් මැරෙද්දි ඒ රටවල ජීවත්වෙන අපේ අය ඒ රටවල් දාලා ආවේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගැන විශ්වාසය තියෙන නිසා. රට යන මනුස්සයාට වඳින්න ඕනේ. එයාලගෙන් එන ඩොලර් ටික නිසා තමයි මේ රටට තෙල් ටික වුණත් ගෙන්න ගන්නේ. ඒ මිනිස්සුන්ටත් අපහාස කෙරුවා රට අත්හැරලා යනවා කියලා.
මෙම අවස්ථාවට මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර්. පේමසිරි මහාතා, මගනැගුම ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමාගමේ සභාපති චමින්ද බස්නායක මහතා, විධායක අධ්‍යක්ෂ කේ.එම්.එම්.ෂාකීර් මහතා ඇතුලු පිරිසක් සහභාගී වූහ.