විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
2015 ජනවාරි 01 සිට 2021 ඔක්තොම්බර් මස 31 දක්වා මාස 82ක කාලයක් තුළ ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් සිලින්ඩර් පුපුරා යාමේ සිදුවීම් 233ක් පිළිබඳ වාර්තා වී තිබේ. එහෙත් කෙටි කාලයක් තුළ අවස්ථා ගණනාවක දී මෙවැනි සිදුවීම් වාර්තා වීම ගැටළු සහගත බව පෙන්වා දුන් අමාත්‍යවරයා, පාරිභෝගික අධිකාරිය මීට හේතුව සොයාබැලීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද කීය.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ගෑස් සිලින්ඩරයක ප්‍රමිතිය සම්බන්ධයෙන් එහි මතුපිට සඳහන් කර ඇති බවත් වෙළෙඳ පොළේ තිබෙන ගෑස් සිලින්ඩරයක ප්‍රමිතිය මැන බැලීමට හැක්කේ එය පරීක්ෂා කිරීමෙන් පමණක් බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, එහි යම් යම් අඩුපාඩුකම් තිබූ බවත් ඒ සම්බන්ධයෙන් තමා ප්‍රමිති ආයතනයෙන් ඉල්ලීම් කර ඇතැයි ද කීය. ඒ් අනුව නව ප්‍රමිති සකස් කිරීම සඳහා කෙටුම්පත් සකස් කිරීමට ප්‍රමිති ආයතනය කටයුතු කර ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
වර්තමානයේ ඇති වී තිබෙන ගැටළුව සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා දින නියැදි ගෙන පරීක්ෂා කිරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කර තිබේ.ඊයේ දිනයේ දි විවිධ දිස්ත්‍රික්කවලින් නියැදි 12ක් ගෙන වැඩිදුර පරීක්ෂා කිරීම සඳහා ඛනිජ තෙල් සංස්ථාවට යොමු කර තිබේ.
ඒ් අනුව මේ සතිය ඇතුළත මෙම ගෑස් සිලින්ඩර් සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරීමට හැකි බව අමාත්‍යවරයා කීය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද මේ සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් පත්කර පරීක්ෂා කිරීම කරන්නැයි උපදෙස් ලබා දුන් බව ද අමාත්‍යවරයා පැවසීය.