අයවැය විවාදයට එක්වෙමින් රාජ්‍ය ආමත්‍යවරයා මේ බව සඳහන් කළේය.
බලශක්තිය වෙනුවෙන් අනාගත සැළස්මක් සහ ජාතික ප්‍රතිපත්තියක් සකසා , එය මහපොළවේ ක්‍රියාත්මක කිරීමටත් බලශක්ති හිඟයක් ඇති නොවන අනාගතයක් ගොඩනැගීම කටයුතු කරන බවද අමාත්‍යවරයා කීය.
පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් විශ්වාසය තබමින් ආයෝජකයන් ප්‍රමාණයක් මෙරටට පැමිණීමට සූදානම් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, පසුගියදා මෙගාවොට් 50ට වඩා වැඩි ආයෝජකයන්ට ආරාධනා කළ බවත් ඒ් සඳහා ආයෝජනය කිරීමට ව්‍යාපාරිකයින් 600කගෙන් ආයෝජන අයදුම්පත් ලැබුණු බව කීය . විදුලිබල මණ්ඩලයේ සියළුම සේවකයින් පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් සහාය ලබා දෙන බවද කීය.
තවද,සිංගප්පූරුව සහ ඉන්දියාව වැනි රටවල් සමග සුළං බලයෙන් විදුලිය ලබා දිම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වමින් ඇති බවත් අවශ්‍ය නම් ඒ් සඳහා හැකියාවක් ඇතැයිද කීය.
දේශපාලන බෙදීම සෑම විටම පාවිච්චි නොකර රටක් ලෙස පොදුවේ සිතනවා නම් රටක් ලෙස ඉදිරියට යා හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
"අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. විපක්ෂයත් මේ සම්බන්ධයෙන් කතා කරනවා.
අද පාර්ලිමේන්තුවේ බොහෝ හොඳ දේවල් කතා කළත් ඒවා කතා වලට පමණක් සීමා වී තිබෙනවා. අද කොරෝනා නිසා ලෝකයේ බොහෝ රටවල් කඩා වැටිලා තිබෙන්නේ. අද අපේ රටත් තිබෙන්නේ බොහොම පහළ මට්ටමක. මේ තත්වයෙන් රට තවත් පහළට වැටුණොත් ආණ්ඩු කිරීමට හෝ අපට රටක් ඉතුරු වෙන්නේ නැහැ. විපක්ෂයේ සාධාරණ විරෝධතා වලට ඇහුම්කන් දීමට සූදානම්. මෙම දේශපාලන බෙදීම වෙනුවට රටක් වෙනුවෙන් එකට සිටිමු" යැයි පැවසීය.