වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විපක්ෂය විසින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
වර්ෂාව සමඟ ජල විදුලි භාවිතය 50% 55%දක්වා ඉහළ ගොස් තිබෙන නිසා මේ දිනවල දැවි තෙල්වලට විදුලිබල මණ්ඩලයේ ඉල්ලුමක් නැති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. සපුගස්කන්ද පිරිපහදුව වසා දමන විටත් දැවිතෙල් මෙට්ට්‍රික් ටොන් 79000ක් තෙල් ටැංකිවල තිබූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ වන විටත් ටැංකි පිරී බැවින් තිබෙන බැවින් වැස්ස නතර වුණත් තව දින හතළිහකට පමණ විදුලි උත්පාදනයට ප්‍රමාණවත් දැවි තෙල් සංස්ථාව සතුවන බවද අමාත්‍යවරයා කීය.