පෙබරවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණිම මේ වසරේ ලක්ෂය ඉක්මවයි

    නොවැම්බර් 30, 2021

    නොවැම්බර් මස 01 වෙනිදා සිට (28) දක්වා සංචාරකයන් 41,177 ඇවිත්

    මේ වසරේ ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණිම ලක්ෂය ඉක්මවයි. පසුගිය ජනවාරි මාසයේ සිට නොවැම්බර් 28 වෙනි දා දක්වා මෙරටට පැමිණි සංචාරකයන් ගණන 101,872 කි. නොවැම්බර් මස 01 වෙනිදා සිට (28) දක්වා සංචාරකයන් 41,177 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.

    සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යා ලේඛණ අනුව වැඩිම සංචාරක පිරිසක් පසුගිය දින 28 තුළ පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. ඊට අමතරව රුසියාව, එක්සත් රාජධානිය, පාකිස්ථානය, ජර්මනිය, මාලදිවයින, ප්‍රංශය, ඇමෙරිකාව, කැනඩාව සහ ඕස්ට්‍රේලියාවෙන් සංචාරකයන් පැමිණ තිබේ. ඉන්දියාවෙන් පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 13,368 කි.

    ඉන්දියාවට පසු පසුගිය දින 28 ක කාලය තුළ වැඩිම සංචාරක පිරිසක් පැමීණ ඇත්තේ රුසියාවෙනි. එම සංඛ්‍යාව 3,449 කි.


    සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය රුසියාව, ප්‍රංශය, ජර්මනිය, එක්සත් රාජධානිය ඇතුළු රටවල් ගණනාවක ප්‍රවර්ධන කටයුතු ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගම වසර 06 කට පසු රුසියාවට සහ ප්‍රංශයට සෘජු ගුවන් ගමන් ද ආරම්භ කළ අතර රුසියාවේ AERO FLOT ගුවන් සමාගමත්, ප්‍රංශයේ AIR FRANCE ගුවන් සමාගමත්, ශ්‍රී ලංකාවට මේ මස මුලදි සෘජු ගුවන් ගමන් ආරම්භ කළහ.

    මේ තත්ත්වය එම රටවල සංචාරකයන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය වීමට හේතු වු බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මේ වන විට යුරෝපා කළාපයේ රටවල් ගණනාවක ශ්‍රී ලංකාව විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් ද ආරම්භ කර තිබේ.

    මේ වසර අවසන් වන විට සංචාරකයන් 150,000 ත් 180,000 ත් අතර පිරිසක් මෙරටට පැමිණෙනු ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පුරෝකථනය කොට ඇත. ලබන වසර වන විට සංචාරක ව්‍යාපාරය ක්‍රමානුකුලව යථා තත්ත්වයට පත්වෙනු ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා විශ්වාසය පළ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya