පෙබරවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    ‘‘දේශපාලනයේ සැඟවුණු කතා කියන කතා’’ ග්‍රන්ථය පිළිගන්වයි

    නොවැම්බර් 30, 2021

    ‘දේශපාලනයේ සැඟවුණු කතා කියන කතා’’ එහි කර්තෘ ගුණපාල තිස්සකුට්ටිආරච්චි මහතා විසින් (29) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබීය.

     

    රාජ්‍ය ඇමතිවරයෙක්, මන්ත්‍රීවරයෙක් ලෙස මෙන්ම රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවයේ විවිධ තනතුරු දරමින් සේවයේ නිරතව සිටියදී ඇසූ පිරූ ශ්‍රී ලාංකීය දේශපාලනයේ සැඟවී ගිය ත්‍රාසජනක, රසබර හා විවිධ සිදුවීම් පදනම්කර ගෙන ගුණපාල තිස්සකුට්ටිආරච්චි මහතා මෙම කෘතිය රචනා කර ඇත.


    1981 වසරේ පැවති දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයේ දී හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන සභාවේ විධායක මන්ත්‍රීවරයෙක් ලෙස පත්ව 1989 වසරේ පැවති මහා මැතිවරණයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට ප්‍රථම වරට තේරී පත්වූ ගුණපාල තිස්සකුට්ටිආරච්චි මහතා 1990 වසරේ දී පරිසර හා පාර්ලිමේන්තු කටයුතු රාජ්‍ය ඇමතිවරයා ලෙස පත්කළේය.


    ගුණපාල තිස්සකුට්ටිආරච්චි මහතා කැලණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන පිළිබඳ ශාස්ත්‍රවේදී ගෞරව උපාධිධාරියෙකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya