පෙබරවාරි 09, 2025
tami eng youtube  twitter facebook

      නැවත රට වසා දැමීමේ බලාපොරොත්තුවක් නැහැ - උත්සව සමයේ වගකීමෙන් හැසිරෙන්න- අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ

    නොවැම්බර් 30, 2021

    නැවත රට වසා දැමීමේ බලාපොරොත්තුවක් රජයට නොමැති බවත් එළඹෙන නත්තල් උත්සව සමයේ රට වසාදැමීමක් පිළිබදව නිල වශයෙන් සාකච්ඡා කර නොමැති බවද සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට ප්‍රතිචාර දක්වමිනි.

    ඉතාම ජයග්‍රාහී එන්නත්කරණ වැඩසටහනක් රජය විසින් රටේ ක්‍රියාත්මක කළ බවද නැවත රට විවෘත කළ ද, මෙරටින් සම්පූර්ණයෙන්ම රෝගය පාලනය කර ඇතැයි ඉන් අදහස් නොවන බව අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

    රටේ අතිවිශාල පිරිසක් පූර්ණ එන්නත්කරණයට ලක්වී ඇති බව වගකීමෙන් ප්‍රකාශ කළ හැකි බවත් අඩු වයස් කාණ්ඩවල දරුවන් පවා එන්නත්කරණයට ලක්කර තිබෙන බව කී අමාත්‍යවරයා, කිසිවෙකු ආරක්ෂිත යැයි ඉන් අදහස් නොකරන බව ද පැවසීය.
    එළඹෙන උත්සව සමයේදී වගකීම් සහගත ලෙස තම ආරක්ෂාව ඉහළින් සළසා ගනිමින් තම දරු පවුල් වල ආරක්ෂාවද සළසා ගනිමින් සෞඛ්‍ය අංශ මගින් නැවත නැවත සිහිපත් කරන සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද භාවිතා කරමින් සමාජ දුරස්ථභාවය පවත්වාගනිමින් මුහුණු ආවරණ පැළද සිටින ලෙස මෙරට ජනතාවගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින බව අමාත්‍යවරයා පැවසුවේය.

    දැනටමත් තුන්වන එන්නත ලබාදීම සදහා රජය කටයුතු කොට ඇතැයිද, නමුත් මෑතකදී වාර්තා වුණු ඔමික්‍රෝන් ප්‍රභේදය සමග නැවත ලෝකය තුළ භයානක තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

    මෙතෙක් එන්නත් ලබානොගත් කෙනෙකු සිටී නම් ඔවුන් දැනටමත් ප්‍රමාද නැතැයිද, ඉක්මණින් ගොස් එන්නත් ලබාගන්නා ලෙසද ඉල්ලා සිටි අමාත්‍යවරයා සෑම කෙනෙකුගේම සෞඛ්‍යාරක්ෂාව මෙන්ම රටේ ආර්ථික ආරක්ෂාව සහ සමාජ ආරක්ෂාවද රැදී තිබෙන්නේ අප සියලුදෙනාගේම කල්පනාකාරී සහ ආරක්ෂාකාරී හැසිරීම මත බවද අවධාරණය කළේය

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya