රටක් වශයෙන් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත මුව ආවරණ පළදිමින්,නිසි සෞඛ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සහ කොවිඩ් මර්ධන එන්නත ලබාගනිමින් කටයුතු කරන්නැයි අමාත්‍යවරිය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.
ඔමිකෝන් නැමැති නව කොවිඩ් ප්‍රභේදය රටවල් 15කින් හඳුනාගෙන ඇති බවත් මෙම රෝගයේ බරපතල තත්වය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය තවමත් පරීක්ෂණ පවත්වමින් සිටින බවත් ඇය පෙන්වා දුන්නාය.
අද (30) සෞඛ්‍ය අමාත්‍යංශ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
අද වන විට මෙරට ජනගහණයෙන් 72.7% කොවිඩ් මර්ධන පළමු මාත්‍රාව ලබා ගෙන ඇති අතර ජනගහණයෙන් 62.7% දෙවන මාත්‍රාව ලබාගෙන තිබේ. 16ට වැඩි ජනගහණයෙන් 84/% ක් මාත්‍රා දෙකම ලබාගෙන තිබේ. මෙම කොවිඩ් මර්ධන වැඩපිළිවෙල සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය පැහැදිළි නායකත්වයක් ලබා දුන් බවත් එය අගය කරන බවත් ඇය සඳහන් කළාය.
ලෝක සේඛ්‍ය සංවිධානය ප්‍රමුඛ බොහෝ රටවල් මෙරට කොවිඩ් මර්ධන වැඩපිළිවෙළ අගය කළ බවද ඇය පෙන්වා දුන්නාය.සෞඛ්‍ය අමාත්‍යංශයේ පහළ නිලධාරියාගේ සිට අමාත්‍යංශ ලේකම් දක්වා මෙම ගෞරවය හිමිවිය යුතු යැයිද ඇය සඳහන් කළාය.
"මෙරට සෞඛ්‍ය පද්ධතියේ ව්‍යාහාත්මක විහිදීම විශිෂ්ඨ මට්ටමක තිබෙනවා. ඔීනෑම පුද්ගලයෙකුට කිලෝමීටර් 3ක් ඇතුළත රෝහලක් කර ලගා වීමට හැකියාව තිබෙනවා. සීමිත මුදල් සමග සාර්ථක සෞඛ්‍ය දර්ශක වලට ලගා වෙන්න රජයට හැකියාව ලැබී තිබෙනවා. මෙරට සිටින පුහුණු සෞඛ්‍ය ක්ෂේත්‍රය ලෝකයේ සෞඛ්‍ය සංවිධානය අගය කරනවා. "
පැවති සෑම රජයක්ම නිදහස් සෞඛ්‍ය වෙනුවෙන් කටයුතු කළ බවත් එක් රජයකට ලගු කළ නොහැකි බවද ඇය සඳහන් කළාය.
1990 සුවසැරිය ගිලන් රථ සේවය පිළිබඳ සඳහන් කරමින් ඇය පෙන්වා දුන්නේ කොවිඩ් වසංගතය සමයේදී ද කොවිඩ් රෝගින් 95,042ක් ප්‍රවාහනය කළ බවයි. මෙම ගිලන්රථ සේවය හරහා දිනකට ඇමතුම් 5000ට වඩා වැඩි ප්‍රමාණයකට අදහස් දක්වන බව ඇය පැවසුවාය.
මේ වන විට ඒම ගිලන්රථ සේවය අරඹා වසර 05ක් ගතවන අතර ගිලන්රථ ප්‍රමාණය 297කි. ඒහෙත් සුවසැරිය සේවය සඳහා දැනට ගිලන්රථ 112ක අඩුපාඩුවක් පවතින බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගිලන්රථ 25ක් ලබා දී ඇති අතර ආසියානු සංවර්ධන බැංකුව හරහා ඉතිරි ප්‍රමාණය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද ඇය සඳහන් කළාය. කොළඹ දිස්ත්‍රික්කය තුළ ඇමතුමක් ලබාගෙන විනාඩි 8.32 ක කාලයක් තුළ 1990 ගිලන් රථ ළඟා වන බවත් ඇය සඳහන් කළාය.
මේ වන විට මානසික රෝගින් ප්‍රවාහනය සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලබා දී තිබෙන බවත් පොලිස් ස්ථාන වල උපගිලන් රථ සේවා පොළවල් ආරම්භ කිරීමට සහ හෘද රෝග සංගමය,ශෛල්‍ය වෛද්‍යව සේවය, හෝම් බේස් කොවිඩ් මර්ධන කටයුතු සඳහා අවශ්‍ය වෘත්තීය පුහුණුව ලබාදීම සඳහා අවබෝධතා ගිවිසුම් අත්සන් කර තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නාය. ආබාධිත දරුවන් කුඩා කලම හඳුනාගෙන ඔවුන්ගේ කුසළතා වර්ධනය කරමින් එම දරුවන්ගේ ආත්මඅභිමානය නැංවිම සඳහා කටයුතු සංවිධානය කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.