ශ්‍රී ලංකාවේ මිලියන 6කට ආසන්න ගෘහස්ථ පාරිභෝගිකයන් සංඛ්‍යාවක් තම දෛනික අවශ්‍යතා සඳහා ගෑස් පරිභෝජනය කරනු ලබන බවත් මේ වනවිට රටපුරා ගෑස් සිලින්ඩර පිපිරීම් සිදුවන නිසා අතිශය බරපතළ තත්ත්වයක් රටේ උද්ගතව ඇති බවත් මේ සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා 27/2 යටතේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
"පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කාන්තාවක් ගෑස් සිලින්ඩරයක් පුපුරා මිය ගිය බවට කින්ස් නෙල්සන් මන්ත්‍රීවරයා මෙම සභාවේදී පැවසුවා. එහෙත් ඇය මියගොස් ඇත්තේ සිය දිවි හානි කරගෙන. පොලිසිය වීඩියෝවක් මගින් ඒ බව තහවුරු කළා. ගෑස් සිලින්ඩර් පුපුරා යන්නේ නැති බවට මේ වන විට තහවුරු වී තිබෙනවා"
ගෘහස්ථ ගෑස් සිලින්ඩර සම්බන්ධ සිදුවීම් සොයාබැලීමට කමිටුවක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ලීටර් 18 ගෑස් සිලින්ඩරය සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය අධිකරණ ක්‍රියාමාර්ග ගත් බවත් ලීටර් 18 ගෑස් සිලින්ඩර වෙළඳපොළේ නැති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද පාර්ලිමේන්තුවේදී කියාසිටියේ ලබන සිකුරාදා වනවිට එම කමිටුව පත් කෙරෙනු ඇති බවයි.