අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
රජය සතු ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ රාජ්‍ය වැවිළි සංස්ථාව යන ආයතන දෙක පසුගිය රජය කාලයේදී ඉතා විහාල අලාභ ලබමින් පවත්වාගෙන ගොස් ඇති බවද, ඒ හා සම්බන්ධ වංචා දූෂණ රැසක් සිදුව ඇතැයිද අමාත්‍යවරයා සදහන් කළේය.
වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව නැවත වගාව ක්‍රමවත් කරමින් තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය යටතේ වතු කම්කරුවන්ට රුපියල් 1000ක වැටුප් වැඩිවීම ද ඉතාම සුවිශේෂී පියවරක් බවද ඔහු පැවසුවේය.
මෞන්චින් වත්තේ අනවසර ගස් හෙළීමක් සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ සිදුකෙරෙන බවද, මෙම සියලුම වතු වල පාලනය විධිමත් කරමින් පවතින අතර වසර ගණනාවක් මුළුල්ලේ නැවත වගාව සිදු නොකරන ඉඩම් සම්බන්ධයෙන් ගැටලුවක් මතුව ඇතැයිද ඔහු අවධාරණය කළේය.
2022 වසර තුළ තේ වගාවේ පුනරුදය වෙනුවෙන් එම සියලුම වතු වල තේ නැවත වගාව සදහා අවශ්‍ය පැල සහ කොම්පෝස්ට් නොමිලේ ලබාදීමට රජය සැලසුම් කර ඇති බවද අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.