පෙබරවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    ගෘහස්ත ගෑස් සම්බන්ධව නියාමනය කිරීමේ වැඩපිළිවෙලකට රජය අවතීරණ වී තිබෙනවා - ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

    නොවැම්බර් 30, 2021

    ගෘහස්ත ගෑස්  සම්බන්ධව නියාමනය කිරීමේ වැඩපිළිවෙලක් මෙතෙක් සිදුව නොමැති බවත්, වත්මන් රජය ගෘහස්ත ගෑස් නියාමනය කිරීමේ වැඩපිළිවෙලට අවතීරණ වී ඇති බවත් කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කර සිටී.


    ගෑස් නියාමනය මෙතෙක් සිදු නොවීම කණගාටුවට මෙන්ම ලජ්ජාවට ද පත්විය යුතු කරුණක් බව සඳහන් කළ අමාත්‍යවරයා, ගෘහස්ත ගෑස් නියාමනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව විෂය භාර අමාත්‍යවරයා විසින් 2021 සැප්තැම්බර් මස 16 වන දින මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර ඇති බව ද කියා සිටියේය.


    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු විසින් මේ පිළිබඳව විමසු පැනයට පිළිතුරු වශයෙනි.

    ගෑස් සිලින්ඩරවල පිපිරීමක් සිදුව නොමැති බව කී අමාත්‍යවරයා, ගෑස් සිලින්ඩර ආශ්‍රිතව සිදු වන පිපිරීම් වාර්තා වී තිබෙන බව කීය. සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛනවලට අනුව එම පිපිරීම් සංඛ්‍යාත්මකව ගත් විට යම් අස්වාභාවික තත්ත්වයක් දක්නට ලැබෙන බවත් ගෑස් සංයුතිය පිළිබඳව සොයා බැලීම සඳහා මෙතෙක් මෙරට තුළ නියාමන ආයතනයක් නොතිබූ බව පැවසූ අමාත්‍යවරයා, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටත්, මොරටුව විශ්ව විද්‍යාලයටත් මේ පිළිබඳ අවශ්‍ය පරීක්ෂණ කටයුතු කිරීම සඳහා අවශ්‍ය තොරතුරු මේ වන විටත් ලබා දී ඇති බව පැවසීය.

    සියලු පාර්ශ්ව එක්ව මේ පිළිබඳව සොයා බලා අද හෝ හෙට කඩිනම් තීරණයක් ගෙන ප්‍රකාශයට පත් කරනු ඇති බව අපේක්‍ෂා කරන බව ද මෙවැනි සිද්ධි නිසා හෝ නියාමනයට අවශ්‍ය කටයුතු වේගවත් කිරීම වඩාත් වැඩදායි වනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya