ඉදිරි මාස තුන ඇතුළත අපනයනය සඳහා පමණක් ඖෂධීය කංසා වගාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගන්නා බවද අමාත්‍යවරයා පැවසීය. විශේෂයෙන්ම ඖෂධීය කංසා මගින් පිළිකා රෝග, ස්නායු රෝග, මන්ද මානසික වැනි විවිධ රෝග වලට පිළියමක් බවත් , බටහිර යටත් විජිතවාදය මෙම ඖෂධ තහනම් කර ඇතැයි ද කිය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (30) පාර්ලිමේන්තුවේ පැවති සෞඛ්‍ය අමාත්‍යංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමිනි.
දේශීය හෙළ වෙඳකම අද නව පුනරුදයකට ලක්ව ඇති බවත් දේශීය ඖෂධ දේශීය වශයෙන් භාවිතය වැඩි වී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා කිය.
නොයෙක් දේශීය ඖෂද වර්ග අපනයනය සඳහා විශාල ප්‍රවණතාවක් ඇති වී තිබෙන බවත්, අපනයනය ඉලක්ක කර ගත් දේශිය ඖෂධ සඳහා වැඩි ඉඩක් ලබා දී ඇති බවත් පැවසු අමාත්‍යවරයා, ඒ සඳහා ලියාපදිංචි ආයතන 607ක් සහ නව බලපත්‍ර නිකුත් කිරීම් 1310ක් ප්‍රවර්ධනය කර ඇතැයිද කීය.
කොවිඩ් රෝගය මර්දනයට බටහිර වෛද්‍ය ක්‍රමය හා සමගාමීව දේශීය හෙළ වෙඳකම ද විශිෂ්ඨ සේවාවක් ඉටු කළ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
කොවිඩ් රෝගය උත්සන්න වූ සමයේදී දේශීය වෛද්‍ය රෝහල් 16ක රෝගින් 10,000ට ආසන්න සංඛ්‍යාවකට ප්‍රතිකාර ලබා දුන් බවත් මරණ අවම කරගනිමින් සංකුලතා අවම මට්ටමක තබා ගනිමින් කටයුතු කිරීමට හැකි වූ බවද අමාත්‍යවරයා පැවසීය.
බටහිර වෛද්‍ය ක්ෂේත්‍රයට හිමි වැටුප් , අතිරේක දීමනා කිසිවක් නොමැතිව ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ පිරිස් සිදු කළ සේවයට සහ කැපකිරීමට සිය ගෞරවය පිරිනමන බවද අමාත්‍යවරයා කීය.
කොවිඩ් රෝගය මර්ධනය සඳහා දේශීය ඖෂධ සහ පාන වර්ග 14කට පමණ අනුමැතිය හිමි වී තිබේ. බටහිර වෛද්‍ය එන්නත් සමඟ සුවධරණී යන ඖෂධ නාමය ඉදිරියේ සිටින බවත් ප්‍රතිෂක්තීකරණ ඖෂධ මගින් රෝගය මර්දනය සඳහා ඉහළ දායකත්වයක් දැක් වූ බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
සියළලුම ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරු ක්ෂණිකව හඳුනාගැනීමට අපේ වෙදමහත්තයා නමින් වෙඩ්අඩවියක් ආරම්භ කර ඇත. 20,000කට ආසන්න දේශීය වෛද්‍යවරුන්ගේ තොරතුරු මෙමඟින් ලබා ගත හැකි අතර එම වෛද්‍යවරුන්ගේ නිවසට යන මාර්ගය සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට හැකියාවක් ඇත.
මෙවර අයවැය ජීවනෝපාය වැඩසටහන යටතේ ඖෂධ උයන් නිර්මාණය කිරීම සදහා කැපවෙන බවත් හෙළ වෙඳකම උපයෝගී කර ගනිමින් , අංශභාග, පිළිකා රෝග සුවකිරීමේ මධ්‍යස්ථාන සකස් කර විදෙස් විනිමය උපයා ගැනිම සම්බන්ධයෙන්ද අවධානය යොමු කර තිබේ. පශ්චාත් කොවිඩ් ඒකක ගොඩනගමින්, අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට කටයුතු කර තිබේ.