පෙබරවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    ඉදිරි දැක්මක් සහිතව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරනවා- සෞඛ්‍ය අමාත්‍ය

    දෙසැම්බර් 01, 2021

    ඉදිරි දැක්මක් සහිතව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ (30) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    කොවිඩ් සටන සමඟ සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉදිරියට යන අතරම ඉදිරිදැක්මක් සහිතව අනෙකුත් ක්ෂේත්‍රයන්හි දියුණුවට ද කටයුතු කරන බවද කීය.

    සෞඛ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    " සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්තමාන මිනුම් දණ්ඩ වනුයේ කොවිඩ් වසංගතයයි. රජය සිය වැඩපිළිවෙළ ආරම්භ කරන විටම කොවිඩ් වසංගතය රට වෙලා ගෙන තිබුණා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ , ආරක්ෂක අංශය ඇතුළු සියළු දෙනා එකට එක්ව තමන්ගේ පවුල් වල වගකීම පැත්තක දාමමින්, රටේ ජනතාවගේ පැත්තේ සිට ගත් බවද කිය. පාර්ලිමේන්තුවේ ස්තුතිය ඒම පිරිසට හිමිවන බවද කිය.

    කොවිඩ් වසංගතය මුල් අවධියේදී අවාසනාවන්ත සිදුවිම් සිදු වූ බවත් ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගය ප්‍රමාද වීය ඊට ඉන්දියාවේ ඇතිවූ තත්ත්වය හේතු වූ බවද කීය. 2021 රෝහල් වල වැය ශිර්ෂය ගත් විට බිලියන 113ක මුදලක් සෞඛ්‍ය අමාත්‍යංශය කොවිඩ් මර්දන කටයුතු සඳහා වෙන් කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya