පෙබරවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    කොවිඩ් මර්දන එන්නත් ලබා දීම ප්‍රමාද වූවා යැයි කියන චෝදනාව රජය ප්‍රතික්ෂේප කරනවා-රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන

    දෙසැම්බර් 01, 2021

    කොවිඩ්  මර්දන එන්නත් ලබා දීම ප්‍රමාද වූවා යැයි කියන චෝදනාව රජය ප්‍රතික්ෂේප කරන බවත් නිසි වේලාවට ඇනවුම් කළ නිසා අද වන විට බූස්ටර් එන්නතද ලබා දීමට හැකි වූ බව ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසිය.

     රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ, (30) දින සෞඛ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමිනි.

    එන්නත්කරණය අතින් ශ්‍රී ලංකාව ඉදරියෙන් සිටින බවත් අද වන විට ජනගහණයෙන් 62.7 % ක් පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බව චන්න ජයසුමන මහතා පැවසීය.

    ඖෂධ හිඟයක් ගැන සිදු කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත්, එහෙත් ඖෂධ 20ක් වැනි ප්‍රමාණයක හිඟයක් පවතින බවත් ඊට හේතුව වී ඇත්තේ කොවිඩ් වසංගතය හේතුවෙන් ඖෂධ ප්‍රමාද වීම නිසා බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ගෝලීය කොවිඩ් වසංගතය හේතුවෙන්, බැංකු කටයුතු සහ අන්තර්ජාතික වශයෙන් ප්‍රවාහනයේදී සිදු වී ඇති ප්‍රමාදයන් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එම ඖෂධද ඉදිරියේදී මෙරටට ලැබීමට නියමිතය.

    ඖෂධ සංස්ථාවේ හිටපු සභාපතිවරයා සම්බන්ධයෙන්ද තමා වගකියන බව පැවසූ අමාත්‍යවරයා, රජයට අවාසි වන කිසිදු ක්‍රියාවක් සිදු කර නොමැති බවද අවධාරණය කළේය.

    තවද මෙරටට පැමිණෙන ඖෂධ නිරන්තර පරික්ෂාවට ලක් කරන බවත් ඖෂධ ප්‍රමිතිය සම්බන්ධයෙන් සොයා බලන බවද අමාත්‍යවරයා කීය.

    දිවයින පුරා ග්‍රාමීය ප්‍රදේශවල නව ඔසු සැල් 25 ක් ඉදිකිරිමට සහ , හොරණ මිල්ලෑව නව ඖෂධ නිෂ්පාදනාගාරයක් , අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඖෂධ නිෂ්පාදන නගරයක් ඇති කිරීමටත් කටයුතු කර ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා කිය.

    තවද ජාතික ඖෂධ නියාමන පනතේ ඇති දුර්වලතා ඉවත් කිරීම සම්බන්ධයෙන්ද මේ වන විට කටයුතු කරගෙන යන බවත් ඒ් සඳහා විශේෂඥ කමිටුවක් පත් කර ඇතිබවත් එළඹෙන ජනවාරි මාසයේ පාර්ලිමේන්තුවට ඉදරිපත් කිරීමට සූදානම් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මෙරටට ඖෂධ සඳහා තිබූ තවත් බරපතල ගැටළුවක් වන්නේ රෝහල් වල භාවිතා කරන ඖෂධ සම්බන්ධ නිසි ගණන් බැලීමක් සිදු නොවූ බවත් ඒ් වෙනුවට නව මෘදුකාංගයක් හඳුන්වා දෙන බවත් රෝහල් සියල්ල ජාලගත කිරීමට හැකියාව ලැබෙන අතර ඖෂධ ඇස්තමේන්තු කිරිමට කටයුතු කරන බවත් ඒ් අනුව විශාල මුදලක් මෙරටට ඉතිරි කරගැනීමට හැකි වනු ඇතැයිද කීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya