පෙබරවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    රජයේ හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය කලෝචිත පියවරක්

    දෙසැම්බර් 01, 2021

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ ප්‍රතිපත්තිය ඉතා කාලෝචිත, වැදගත් වැඩපිළිවෙලක් බව ශ්‍යාමෝපාලී මහ නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමියෝ පෙන්වා දෙති.

    උන්වහන්සේ පෙන්වා දෙන්නේ නීරෝගිමත් ජනතාවක් උදෙසා ඉවහල්වන මෙම ප්‍රතිපත්තිය සාර්ථක කර ගැනීමට භේද නොසලකා සියලුදෙනාගේ සහයෝගය ලබා දිය යුතු බවය. උන්වහන්සේ මේ බව සඳහන් කළේ කාබනික වගාවේ ඉදිරි ගමන පිළිබඳ ජාතික කථිකාව නමින්  (30) පෙරවරුවේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති වැඩමුළුවකදීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාහිමියෝ, හරිත කෘෂිකර්මාන්තය මෙරට ජනතාවට අලුත් දෙයක් නොවන බවද, එය සාර්ථක කර ගැනීමට හැකි යහපත් වැඩපිළිවෙලක් බවද, ඊට මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමිවන බවද සඳහන් කළහ.

    කාබනික ගොවිතැන සම්බන්ධයෙන් රජය ගෙන ඇති ප්‍රතිපත්තිය කිසිදු වෙනසක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදි සඳහන් කළේය. රජයේ මෙම හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය තුළින් වෙනම ආර්ථිකයක්, වෙනම සංස්කෘතියක් හා නව පරිසර හිතකාමි වැඩසටහන් රැසක් බිහිවී ඇති බව ද එමඟින් ජනතාවට වාසිදායක තත්ත්වයක් උදා වී ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. රසායනික පොහොර මාෆියාව ඉතාමත් භයානක ලෙස සමාජය නොමඟ යවා ඇති බව පෙන්වාදුන් අමාත්‍යවරයා, රසායනික පොහොර ආනයනයට අවසර දීමට පෙර පෞද්ගලික බැංකුවල ඩොලර් නොමැති බව පෙන්වා කටයුතු කළත්, රසායනික පොහොර ආනයනයට අවසර දීමෙන් පසු මෙම බැංකුවල ඇති, ඩොලර් රසායනික පොහොර ආනයනයට යොදා ඇති බවද පෙන්වා දුන්නේය. එමෙන්ම රසායනික පොහොර ආනයනයට අවසර දීම‍ට පෙර එළවළු හිඟයක් මවාපාමින් එළවළුවල මිල ඉතා ඉහළ මට්ටමක පැවැතිය ද, රසායනික පොහොර ආනයනයට අවසර දී දින දෙකක් ගත වීමටත් පෙර එළවළු මිල ඉතා විශාල වශයෙන් පහළ ගිය බවද අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය.

     

    රසායනික පොහොර නොමැතිව කුඹුරු වගා කළ නොහැකි බවත්, කුඹුරු වගාවට ජලය එපා කියූ බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා කුමන බාධක හමුවේ වූවද මේවන විට මහ කන්නයේ කුඹුරු ඉඩම් හෙක්ටයාර් 7,30,000ක් වගා කර ඇති බව සඳහන් කළේය. මේ අතර දෙසැම්බර් අවසාන වීමට පෙර මහ කන්නයේ වගා කිරීමට අපේක්ෂිත කුඹුරු ඉඩම් හෙක්ටයාර් ලක්ෂ 08ක් වගා කරන බවට අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

    “ කාබනික වගාව තුළින් හරිත කෘෂිකර්මාන්තය ව්‍යාප්ත කර, වස විසෙන් තොර ආහාරවේලක් ජනතාවට ලබාදීම රජයේ ප්‍රතිපත්තිය වුණා. නමුත් මේ හොඳ දේ පිළිබඳව ජනතාව හරියට දැනුවත් වුණේ නැහැ. අපේ රටේ බොහෝ මාධ්‍ය මේ වැඩපිළිවෙල පිළිබඳව නිවැරදි කරුණු ඉදිරිපත් කරනවා වෙනුවට ජනතාව නොමඟ යවන සුළු මතවාදයන් ඉදිරිපත් කළා. විශේෂයෙන් මේ ඓතිහාසික තීන්දුවට එරෙහිව විවිධ දේශපාලන කණ්ඩායම් වැරදි කරුණු හුවා දක්වමින් ජනතාව නොමඟ යවනු ලැබුවා. නමුත් ඒ කිසිවෙකින් රජයේ ප්‍රතිපත්තිය වෙනස් කළ නොහැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා හරිත කෘෂිකර්මාන්තය යථාර්ථයක් කිරීමට කටයුතු කරන බවද පෙන්වා දුන්නේය. ”

     

    මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ ප්‍රතිපත්තිය යථාර්ථයක් බවට පත් කර ගැනීමට සියලුදෙනාගේ සහාය ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. ගතවූ කාල පරිච්ඡේදයේ මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට විවිධ පාර්ශවයන් සමඟ ක්‍රියාකර ඇති ආකාරය පිළිබඳව පැහැදිලි කළේය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya