පෙබරවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    මහනුවර - යාපනය, ඒ 9 මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යටවීමේ ගැටලුව විසදීමට රජයේ අවධානය - රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා

    දෙසැම්බර් 01, 2021

    දීර්ඝ කාලයක් තිස්සේ නොවිසිදුණු මහනුවර - යාපනය ඒ 9 මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යටවීමේ ගැටලුව විසදීමට රජයේ අවධානය යොමුව ඇතැයි ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සදහන් කරයි.

    අකුරණ නගරය ජලයෙන් යටවීම පිළිබදව පවතින ගැටලු හදුනා ගෙන තිබෙනවා. මේ නිසා මාර්ග සංවර්ධන අධිකාරිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, නාගරික සංවර්ධන අධිකාරිය, පහත් බිම් සංවර්ධන මණ්ඩලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ ආයතන ඒකාබද්ධව අදාළ ගැටලුව විසදීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

    මෙම ගැටලුව මාර්ග සංවර්ධන අධිකාරියට පමණක් තනිව විසදිය හැකි ගැටලුවක් නොවන බැවින්, අනෙකුත් ආයතන සමග ඒකාබද්ධව විසදිය යුතුයි. මෙම ගැටලුව දීර්ඝ කාලයක් තිස්සේ පැවත එන්නේ එක් ආයතනයකට පමණක් තනිව විසදිය නොහැකි නිසා. ඒ නිසා අදාළ සියලු ආයතන ඒකාබද්ධ වෙමින් මෙම ගැටලුව විසදීමට රජයේ විශේෂ අවධානය යොමුව තිබෙනවා.

    අදාළ ගැටලුව විසදීමට විවිධ රජයන් විසින් විවිධ ආයතන යටතේ යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. මාර්ගය පුළුල් කිරීම, ඇල මාර්ග පුළුල් කිරීම, රොන් මඩ ඉවත් කිරීම, ඉඩම් අත්පත් කර ගැනිමේ කටයුතු, අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම, අපජලය බැහැර කිරීමේ ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කිරීම ආදී යෝජනා ගණනාවක් ඉදිරිපත්ව තිබෙනවා. දැනටත් එම ප්‍රදේශයේ සිදු කෙරෙන ඉදිකිරීම් නිසා මෙම ගැටලුව තවදුරටත් ඉහළ යා හැකි අවධානමක් තියෙනවා.

    මෙම ගැටලුව විසදා ගැනීමට විවිධ යෝජනා ඉදිරිපත් වූවත්, අවසන් විසදුමකට එළඹීමට නොහැකි වූයේ ප්‍රායෝගික ගැටලු ගණනාවක් මතුවු නිසයි. මෙම ගැටලුවේ ඇති වැදගත්කම හදුනාගෙන ඇති නිසා එය විසදීමට අදාළ සියලු පාර්ශවයන් සමග සාකච්ජා කොට ගතහැකි ක්‍රියාමාර්ග හා සැලසුම් ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා.

    මහනුවර සිට යාපනය දක්වා ගමන් කිරීමේදී, මාතලේ හා හාරිස්පත්තුව ප්‍රදේශයට ගමන් කිරීමේදී ජනතාව මුහුණ දෙන ගැටලු, ව්‍යාපාරික ප්‍රජාව මුහුණ දෙන ගැටලු හා එම ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන ගැටලු විසදීම වෙනුවෙන් එලදායි විසදුමක් ලබාදීමට රජය කටයුතු කරන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya