පළාත් පාලන ආයතන වල ඉදිරි පස් අවුරුදු පුහුණු සැලැස්ම එළිදැක්වීමේ උත්සවයක් පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය විසින් 27 දින රත්නපුර, කුකුලේගඟ ලයා හෝටලයෙදී පැවැති අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා එසේ පැවසීය.
එහිදී රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මෙසේද පැවසීය.
පසුගිය කලේ මෙම ආයතනයට නායකත්වය දුන්නේ කවුද කියල බලන කොට වෙනත් වෘත්තීන් පිළිබඳ අය තමා විධායක අධ්‍යක්ෂවරු ලෙස පත් වෙලා තිබුනේ. පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයට අද හොඳ නායකත්වයක් දෙන්න පුළුවන් විධායක අධ්‍යක්ෂ වරයෙක් පත් වෙලා ඉන්නවා. ප්‍රධාන වශයෙන් පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය පළාත් පාලන ආයතන වල දැනුම වර්ධනය කිරීමට හා ධාරිතාව වර්ධනය කර ගැනීමට ආයතන ගණනාවක් සමග කටයුතු කරනවා.
මෙම අමාත්‍ය ධූරයෙදී පළාත් පාලන ආයතන වලට හා පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය සම්පූර්ණ වැඩකොටසක් කරයි කියල මට තෘප්තිමත් වෙන්න බැහැ. හේතුව තමා මට අවශ්‍ය කරන සමහර දේවල් කර ගන්න බැරුව ගියා. ඒ නිසා අපි යම් කාරණා සම්බන්ධව සොයා බැලිය යුතුයි. අපි මොනව කතාකරත් අද යම් කිසි දෙයක් පළාත් පාලන ආයතන හරහා කරගෙන යාමේදී කොච්චර අපකීර්තියක් එනවාද, එක්කෝ අත යට මුදලක් ගන්නවා නැතිනම් රස්තියාදු කරල තමා වැඩ කරල දෙන්නේ.
පළාත් සභාවේ හා පළාත් පාලනයේ ප්‍රසිද්ධියේ තිබෙන අඩුපාඩුව තමා මූලික අවශ්‍යතාවය වෙච්ච තමන්ගේ නිළය අනුව එකිනෙකාට ගරු කිරීම, තමන්ගේ පරිසරය පිරිසිදුව තබා නොගැනීම, මහජනතාවට සියලුම සනීපාරක්ෂක පහසුකම් සපයන ආයතන විදිහට එම පහසුකම් ලබා නොදීම. විෂය සම්බන්ධව පළාත් පාලන ආයතන නිළධාරීන්ට අද ගැටළු පවතිනවා. මේ නිසා නොකෙරෙන විදිහට තමා වැඩ වෙන්නේ. සමහර වැඩ නව ලෝකයට අනුව සිදු වෙන්නේ නැහැ. උදාහාරණයක් ලෙස සැලසුම් ඇදීමේදී කොච්චර නිර්මාණය කලත් අද නවීන ලෝකයට ගැළපෙන්නෙ නැහැ.
ඩිජිටල්කරණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සමඟ අපේ අමාත්‍යාංශය සාකච්ඡා වට 03 ක් පැවැත්තුවා. එතනදී අමාත්‍යාංශයේ නිළධාරීන් සහභාගි වෙනවා යනවා විතරයි. මට පේනව ලොකු අඩුපාඩුවක් වැඩ වෙන් නැති බවට. එම අඩුපාඩුව සපුරා ගන්න මාව නියෝජනය කරලා කෙනෙක් දාන්න ඕන. මේ සඳහා මට විශේෂඥ දැනුමක් නැති නිසා මගේ පුද්ගලික වියදමින් මම මේකට උපදේශක කෙනෙක් සම්බන්ධ කලා. ඒකට හේතුව මගේ අමාත්‍යාංශයේ අදාළ
නිළධාරීන් ඒ සඳහා මැදිහත් වීමේදී අඩුපාඩු සිදු වේ නම් ඒ සම්බන්ධව කුමක් ද කරන්නෙ කියලා තීරණ ගැනීමට. ඒ නිසා අපි මේ වාගේ ගැටළු සමනය කර ගතහොත් අපිට පුළුවන් ලොකු සේවයක් කරන්න.
කාරණා ගණනාවක් ඔස්සේ තමා පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයකනයේ සැලසුම් හදලා තියෙන්නේ භෞතික සැලසුම්, සාමාන්‍ය සෞඛ්‍ය අවශ්‍යතා, කළමණාකරණය හා මාතෘ සම්පත් කළමණාකරණය,මූල්‍ය කළමණාකරණය, පර්යේෂණ සංවර්ධන, ප්‍රකාශන, අධ්‍යයන සම්බන්ධතා, විභාග, ඉංජිනේරු, තොරතුරු තාක්ෂණය, යන අංශ වලින් මේ පුහුණුව දෙන්නේ මහජනතාවට හොඳ සේවයක් ලබා දීමට. අපි ජනතාවගේ සේවය උදෙසා කෙටිම පහසුම හොඳම මාර්ගය ලබා දිය යුතුයි.
දැන් කාබනික සැලැස්මට බිම් මට්ටමෙන් ගන්න යෝජනා ගොඩක් තියෙනවා. එතනදී කාබනික වගාව හොඳ වැඩක්. ලෝකයේ වස විසෙන් තොර ආහාර වේලාක් කියන එක දැන් සීතල යුද්ධයක් වෙලා තියෙනවා. දැන් අපි කාබනික පොහොර මේ වෙන කොට මාසයකට මෙ.ටො. 37,000 ක් හඳනවා. අපි මේක ලක්ෂයක් දක්වා ගෙනියනවා. පළාත් පාලන ආයතනය තමා මේ කටයුත්තට දායකත්වය දෙන්න පුළුවන් හොඳම ආයතනය හා එමඟින් රටට ආදායමකුත් උත්පාදනය වෙනවා. පිටරටට අපේ විනිමය යන්නේ නැහැ. ප්‍රධාන අභියෝගයක් වුණ කසල කළමණාකරණය සම්බන්ධයෙන් අපි දායකත්වය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. පළාත් පාලනය පිළිබඳ ලොකු දැනුමක් තිබෙන මන්ත්‍රීවරු ඉන්නවා. එම නිසා පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයෙන් කරණු ලබන සේවය නිවැරදි ඉලක්ක ඔස්සේ ගියහොත් අපිට ලොකු දැනීමක් මේ ආයතන වලට ලබා දෙන්න පුළුවන් වගේම ලොකු වැඩ කොටසක් කරන්නත් පුළුවන් වෙනවා. එතනින් එහාට ගොස් පළාත් සභා දක්වාම මෙම වැඩ පිළිවෙළ ගෙනියන්න පුළුවන්.
අපි බලාපොරොත්තු වෙනවා කැබිනට් පත්‍රිකාවක් යොමු කරන්න කසළ කළමණාකරණය පිළිබඳ අධිකාරියක් පිහිටුවන්න. අපේ රටට ගිනි නිවන දෙපාර්තමේන්තුවක් නැහැ. මේවා
අත්‍යවශ්‍ය ආයතන. සමහර ඒවාට ආයතන තිබෙන නිසා එම වැඩ කටයුතු හොඳින් කරගෙන යන්න උදව් වෙනවා. මධ්‍යම රජය, පළාත් සභාව හා පළාත් පාලනය. මෙම ආයතන එකට එකතුවෙලා වැඩ කලහොත් අපිට හොඳට වැඩ කරන්න පුළුවන් වගේම ලොකු දීර්ඝ ගමනක් යන්න පුළුවන්.
මෙම අවස්ථාවට පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.එම්.එම්.බී.වීරසේකර මහතා, පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ආචාර්ය සුරතිස්ස දිසානායක මහතා, සබරගමුව, වයඹ, උතුරු මැද, නැගෙනහිර, බස්නාහිර යන පළාත් වල පළාත් සභා නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරු, පළාත් පාලන කොමසාරිස්වරු, සහ නියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස්වරු ඇතුළු රජයේ නිළධාරීන් සහභාගි විය.