දිවයින පුරා විසිරී සිටින පාරම්පරික දේශීය වෛද්‍යවරුන් මුදලට සීමා නොවී සිය ධනය, ශ්‍රමය, කාලය වැය කරමින් රෝගීන් සුවපත් කරලීමෙහිලා සුවිශාල කාර්යයභාරයක් සිදුකරනු ලබන අතර, ඔවුන් විසින් ජාතික සෞඛ්‍ය සේවාව නංවාලීමෙහිලා දක්වන දායකත්වය අතිමහත්ය.
එවන් උත්තුංග සේවාවක නිරත වන පාරම්පරික දේශීය වෛද්‍යවරයා සවිමත් කරලීමේ අරමුණෙන් දිවයින පුරා ආයුර්වේද සංරක්ෂණ සභා යළි සවිබල ගැන්වීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ උපදෙස් පරිදි එම අමාත්‍යංශය මගින් කටයුතු සූදානම් කර තිබේ.
ඒ අනූව 2021 දෙසැම්බර් 02 බ්‍රහස්පතින්දා පෙරවරු 09.30ට ජාඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආයුර්වේද සංරක්ෂණ සභාව සවිබල ගැන්වීම ජාඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ද, කලුතර දිස්ත්‍රික් සංරක්ෂණ සභා සවිබල ගැන්වීම එදිනම පෙරවරු 02.00 ට කලුතර නගර සභා ශාලාවේදී ද රාජ්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් පරිදි නිරෝගී ශ්‍රී ලංකාවක් ගොඩනැගීම උදෙසා දේශීය වෛද්‍යවරුන් දායක කරගැනීමට මෙන්ම ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සදහා අමාත්‍යංශයේ දායකත්වය ලබාදීම, දේශීය වෛද්‍ය ක්‍රම සංරක්ෂණය, පාරම්පරික වෛද්‍යවරුන් මුහුණපා සිටින ප්‍රශ්න, ගැටලු නිරාකරණය, ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි ක්‍රමවේද හදුන්වාදීමද, මූලික වශයෙන් මෙම සංරක්ෂණ සභා සවිබලගැන්වීමේ වැඩසටහන තුළදී සිදුවනු ලබයි.
මෙහිදී අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක සුව ධරණී - සුව චර්යා වැඩසටහන, සුව ධරණී හෙළ ඔසු සංරක්ෂණ සහ සංවර්ධන වැඩසටහන, සුව ධරණී හෙළ ඔසුපැන් ව්‍යාපෘතිය මෙන්ම අනෙකුත් ව්‍යාපෘතීන් සදහා සංරක්ෂණ සභා දායක කරගැනීම සිදුකරයි. මේ සදහා සංරක්ෂණ සභා නියෝජනය කරන සංරක්ෂණ සභා සභාපතිවරුන් ඇතුළු පාරම්පරික වෛද්‍යවරුන්, ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහභාගී වනු ඇත.