පෙබරවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    ඉඩම් ඔප්පු ලක්ෂයක් ලබා දීම රජයේ ඉලක්කයයි- ඉඩම් අමාත්‍ය

    දෙසැම්බර් 02, 2021

    සියලුම ඉඩම් වලට ජංගම සේවා පවත්වා ස්වර්ණභූමි,ජයභූමි ඇතුළු ඔප්පු ලබාදෙන බවත් මෙවර ඔප්පු ලක්ෂයක් ලබා දීම රජයේ ඉලක්කය බවත් ඉඩම් අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා අද(02) පාර්ලිමේන්තුවේදී පැවසීය.

     

    මෙම වසර අවසානයේ ඔප්පු 75,000ක් ලබා දිය හැකි බව ද අමාත්‍යවරයා පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    1972 සිට ඉඩම් ප්‍රතිසංස්කරණ පනත ක්‍රියාත්මක වූ සමයේ සිට අනවසරයෙන් පදිංචි පුද්ගලයන් සිටින බවත් ඒ සියලු අයට ඔප්පු ලබා දෙන බවත් කීය. පසුගිය සමයේ ඔප්පු 200ක් අතුරුදහන් වූ බවත් , අක්කරය රු 500 ගණනේ පවා ඉඩම් ලබා දී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ෂණය සිදු කරන බවද අමාත්‍යවරයා පැවසීය

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya