පෙබරවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    ලබන වසරේ ජල බිල්පත වැඩි කරන්නේ නැහැ- නව ජල සැපයුම් 436000 ක්

    දෙසැම්බර් 02, 2021

    ලබන වසරේ ජල බිල් පත වැඩි කරන්නේ නැතැයි''ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා අද (01) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    ජලසම්පාදන අමාත්‍යංශයේ වැය ශීර්ෂය විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    එළඹෙන 2022 වසරේදී නව ජල සැපයුම් 436000 ක් ලබා දීම රජයේ ඉලක්කය බව අමාත්‍යවරයා කියයි. 2020 වසරේ ජල සැපයුම් 116908 සහ 2021 වසරේ ජල සැපයුම් 201854 ක් ලබා දී ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.

    ජල සම්පාදනය ජනතා සත්කාරයක් බවත් පෙන්වා දුන් අමාටත්‍යවරයා ඒ්කක 1 සිට 15 දක්වා අය කරන්නේ රුපියල් 500ක මුදලක් පමණක් බවද කීය. පිරිසිදු ජලය ලබා දීම මඟින් අපිරිසිදු ජල භාවිතය නිසා ඇතිවන ලෙඩරෝග අවම කර ගත හැකි බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ජලය සහ අපද්‍රව්‍යය බැහැර කිරීම වෙනුවෙන් මහනුවර විශාල ව්‍යාපෘතියක් සකස් කර බවත් තවදුරටත් මළ ද්‍රව්‍ය නුවර වැවට නොයන පරිදි එම ව්‍යාපෘතිය ඉටු කළ බවද අමාත්‍යවරයා කීය.

    තවද විවිධ ක්‍රම ඔස්සේ අපතේ යන ජලය අඩු කිරීමටත් , අනිසි ලෙස ජලය ලබා ගන්නා අයථා ජලය ගැනීම සම්බන්ධයෙන්ද වැටලීම් සිදු කරමින් තිබේ.නගරයෙන් නගරය හඳුනාගනිමින් ගංගා වලට අපිරිසිදු ජලය ගලා ඒමට ඉඩ නොතබන බවද කීය.

    එසේ වූ විට ඒම ජලය පිරිපහදු කිරීම ඉතා අපහසු බවත් පිරිපහදු කිරීමේ වියදම වැඩි වන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. වතුකර ප්‍රදේශයට අවශ්‍ය ජල සැපයුම් සහ වැසිකිළි ඉදිකිරීමටද රජය කටයුතු කර තිබේ.

    "ජන ජීවිතයේ ධවල රුධිරය ජලයයි. ගොවි ජනතාවගේ ජීවන හුස්ම ජලයයි. මේ තමයි ජලයේ විවිධ ස්වරූප. මේ නිසා අපට විශාල වගකීමක් තිබෙනවා ජල සම්පාදනය සම්බන්ධයෙන්.සමාජය සහ ජන ජීවිතය පැත්තෙන්,"යැයි ද අමාත්‍යවරය අවිවාදයේ දී පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya