පෙබරවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    2023 වන විට ශ්‍රී ලංකාව විශාල පර්යන්ත දෙකක අයිතිකරවන් වනු ඇත-වරයා හා නාවික කටයුතු අමාත්‍ය

    දෙසැම්බර් 02, 2021

    එළඹෙන ජනවාරි මාසය වන විට කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තයේ වැඩ අවසන් කර අංගසම්පූර්ණ නැඟෙනහිර පර්යන්තයක් සකස් කරන බවද වසර 2023 වන විට ශ්‍රී ලංකාව විශාල පර්යන්ත දෙකක අයිතිකරවන් වනු ඇති බවද වරයා හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද(02) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    වරාය හා නාවික අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගැනෙන අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    තවත් මාස 06කින් ජයබහලුම් පර්යන්තයේ වැඩ අවසන් වන බවත් එහෙත් පසුගිය රජය මෙරටට ඇණවුම් කර තිබූ දොඹකර 03 ගෙන්වීම අත්හිටුවමින් මෙරටට ලැබීමට තිබූ විශාල මුදලක් අහිමි කළ බවද කීය.

    හම්බන්තොට වරාය මෙරටට උරුම කර දුන්නේ වර්තමාන අග්‍රාමාත්‍ය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවත් මේ රට නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට පුරෝගාමියා වූයේ වර්තමාන අග්‍රාමාත්‍යවරයා බවද කීය. ඊට පෙර අපට උරුම වී තිබුණේ ජයබහලුම් පර්යන්තය පමණකි. ලෝකයේ සාමාන්‍ය නෞකාවලට පමණක් මේ ඔස්සේ මෙරටට පැමිණිය හැකිව තිබුණි. ඒ් අනුව නව දිය කඩනයක් සාදමින් පර්යන්ත තුනක් කිරීමට කටයුතු කර තිබේ.

    "පසුගිය යහපාලන රජය යටතේ වරාය භාර ඇමතිවරු තිදෙනෙක් සිටියා. නැගෙනහිර පර්යන්තය සඳහා ඇණවුම් කර තිබූ දොඹකර 03 නවත්වා දැමීමට ඔවුන් කටයුතු කළා. "

    නැඟෙනහිර පර්යන්තයට අවශ්‍ය දොඹකර ගෙන්වීමට කිසිදු ඇමතිවරයෙක් ඉදිරිපත් වී කටයුතු නොකළ බවත් වරාය ක්ෂේත්‍රයට කළ කිසිදු සංවර්ධනයක් නොමැති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    තවද කොළඹ වරාය නගරය ඉදිකරමින් මෙරට ආර්ථික මර්මස්ථානයක් බවට පත් කිරීමටද කටයුතු කර තිබේ. කොළඹ බටහිර පර්යන්තයේ වැඩ අදානි සමග එළඹෙන ජනවාරි මාසය වන විට ආරම්භ කරන බවද කිය. ගාල්ල සහ ත්‍රිකුණාමල වරායන් ද ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් අංගසම්පූර්ණ වරායන් බවට පත් කරන බවද කීය.

     

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya