පෙබරවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    2025 වන විට රටේ සියලු ජනතාවට පානීය ජලය- රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත

    දෙසැම්බර් 02, 2021

    2025 වන විට රටේ සියලු ජනයාට පානීය ජලය ලබා දෙන ඉලක්කය කරා රජය ගමන් කරමින් සිටින බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අද (02) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    වරාය හා නාවික අමාත්‍යාංශයේ සහ ජලසම්පාදන අමාත්‍යංශයන්ගේ වැය ශීර්ෂය විවාදයට එක්වේමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මෙවර අයවැයෙන් පානීය ජලය සඳහා විශාල මුදල්ක් වෙන් කර ඇති බවත් , වකුගඩු රෝගින් වැඩි වෙමින් සිටින පසුබිමක ඒ සඳහා ගත හැකි ප්‍රධාන පියවරක් ලෙස ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දෙමින් සිටින බවද කීය.

    තවද මෙරට තිබෙන ජල මූලාශ්‍ර ආරක්ෂා කරමින් (පවසන නිවන ඉලක්කය ගමට වතුර )නමින් සැමට ජලය ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන බවද කීය. තවද වකුගඩු රෝගය තිබෙන ප්‍රදේශ වලට නැනෝ තාක්ෂණය උපයෝගී කරගෙන නැනෝ පිරිපහදු කට්ටල ලබා දීමට කටයුතු කරන බවද කීය.

    භූගත ජලයට හානි නොකර මතුපිට ජලය උපයෝගී කර ගනිමින් මේ සඳහා විසඳුම් ලබා දිම රජයේ ඉලක්කය වී තිබේ. ජලයේ ගුණාත්මක භාවය ආරක්ෂා කරමින් මෙම කටයුතු සිදු කරන බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා මහා මාර්ග අමාත්‍යංශය, ප්‍රජා ජල දෙපාර්තමේන්තුව යන අමාත්‍යංශ ඒක්ව මෙම කටයුතු සිදු කරන බවද සඳහන් කළේය.

    මෙහිදී මෙම ජල ප්‍රවාහනය කරන නල පද්ධතිය ස ඳහා විශාල මුදලක් වැය වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා පවතින වසංගත තත්වයට මුහුණ දෙමින් සැමට පානීය ජලය යන ඉලක්කය කරා රට ගෙන යන බවද කීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya