පෙබරවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    2020/2021 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රධානෝත්සවය අද

    දෙසැම්බර් 03, 2021

    ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රය ස්වකීය විශිෂ්ඨ සාහිත්‍ය නිර්මාණයන්ගෙන් සුපෝෂණය කළ සාහිත්‍යධරයන් ඇගයීමේ අරමුණෙන් පවත්වනු ලබන රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රධානෝත්සවය 2020/2021 අග්‍රාමාත්‍ය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා ජාතික උරුම, ප්‍රාසාංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ සහභාගීත්වයෙන් අද (03) ප.ව. 04.00 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

     

    බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලය එක්ව මෙම උළෙල සංවිධානය කර ඇත.

    මෙහිදී රාජ්‍ය සාහිත්‍ය සම්මාන 78ක් හා සාහිත්‍යරත්න සම්මාන 06ක් පිරිනැමීමට නියමිතය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya