පෙබරවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    අගමැති උපදෙස් පරිදි වැලිසර හයිට්ස් රෙසිඩන්සීස් නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීම අද ඇරඹේ

    දෙසැම්බර් 03, 2021

    සෑම පවුලකටම සුවපහසු නිවසක් ලබා දීමේ රජයේ ප්‍රතිපත්තිය සහ දැක්ම යටතේ වැලිසර, මිල්ගහවත්තේ ඉදිකෙරෙන “වැලිසර හයිට්ස් රෙසිඩන්සීස්” නිවාස ව්‍යාපෘතිය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) දින පෙ.ව. 9.00 ට ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව ඉදිකෙරෙන වැලිසර හයිට්ස් රෙසිඩන්සීස් නිවාස ව්‍යාපෘතිය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ ඉටුකෙරෙන තවත් එක් සංවර්ධන ව්‍යාපෘතියකි. ඉදිරි පියවරකි.

    වැලිසර හයිට්ස් රෙසිඩන්සීස් ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරෙන නිවාස ප්‍රමාණය 408 කි. මෙම නිවාස 408 ගොඩනැගිලි (Blocs) 17 ක් ලෙස බෙදීයන ආකාරයට ඉදිකිරීමට සැලසුම් කර තිබේ. එම සැලසුමට අනුව වර්ග අඩි 700 ක නිදන කාමර 02 කින් යුතු නිවාස සහ වර්ග අඩි 908 නිදන කාමර 03 කින් යුතු නිවාස ඉදිකෙරේ.

    මධ්‍යම ආදායම්ලාභීන් වෙනුවෙන් ඉදිකෙරෙන වැලිසර හයිට්ස් රෙසිඩන්සීස් නිවාස ව්‍යාපෘතිය හෙක්ටයාර 2.45 ක් පමණ වන භූමි භාගයක ඉදි කෙරේ. ඉන්ටර්නැෂනල් කන්ස්ට්‍රක්ෂන් කන්ෆර්මියම් සමාගම මෙම ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරු ලෙස කටයුතු කරයි.

    2021.12.03 වන දින වැඩ ඇරඹෙන මෙම නිවාස ව්‍යාපෘතිය 2023.12.23 වන දින අවසන් කිරීමට නියමිතව තිබේ. ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කරන මුළු වියදම රුපියල් බිලියන 05 කි.

    නිවාස 408 සඳහා රථවාහන නැවැත්වීමේ රථගාල් ඉදිකර තිබේ. ඒ අනුව ගොඩනැගිලි 17 සඳහා එම ගොඩනැගිල්ලටම සම්බන්ධ රථගාල් ඉදිකිරීමට යෝජිතයි. එයට අමතරව වැලිසර හයිට්ස් රෙසිඩන්සීස් නිවාස ව්‍යාපෘතිය පොදු උද්‍යානයකින් ද සමන්විත වෙයි.

    නිවාස ව්‍යාපෘතියට සපයා ඇති පොදු පහසුකම් අතර කායවර්ධන මධ්‍යස්ථානයක්, සියලු සේවාවන් සහිත අංග සම්පූර්ණ සුපිරි වෙළඳ සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් සකස් කර තිබේ. නිවාස ව්‍යාපෘතියේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක වේ. සෑම නිවසකටම වර්ග අඩි 70 ක ඉඩකඩකින් සනීපාරක්ෂක පහසුකම් සඳහා වෙන් කර තිබේ.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති එම්.එල්. සුභසිංහ ආරච්චි යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මඟින් මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු ලබයි.

    මෙම අවස්ථාව සඳහා ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.ඒ. නිමල් ලාන්සා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති එන්.එල්. සුබසිංහ ආරච්චි, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ නිවාස ව්‍යාපෘති කළමනාකාර ඉංජිනේරු එන්.ඒ.එස්.එස්. මුණසිංහ, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සැලසුම් සහ අධීක්ෂණය අධ්‍යක්ෂණ කේ.කේ.ඩබ්ලිව්. තුෂාරි ප්‍රියංකා, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සමාජ සජීවිකරණ අධ්‍යක්ෂ පී.එම්.ඒ. වීරක්කොඩි, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ මුදල් අධ්‍යක්ෂ කේ.පී.එන්.එස්. නිශාන්ති, වැලිසර නාවික කඳවුරේ නාවික කපිතාන් ඒ.කේ.ආර්. අතුකෝරාල, වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති ත්‍යාගරාජා අල්විස්, වත්තල නගරාධිපති ඩබ්ලිව්.එන්.ඒ. ගුණසේකර, වත්තල ප්‍රාදේශීය ලේකම් ටී.බී.ටී.සී. රජිකා, වත්තල පොලිස් ස්ථානාධිපති මලික් තිලෝගම යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ නගර සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් රැසක් ද සහභාගී වීමට නියමිතව ඇත.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya