ශිරාස් යුනුස් (Shiraz Yunus) මහතා විසින්, ගරු අග්‍රාමාත්‍යතුමාගේ මුස්ලිම් කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස කටයුතු කරන බව පවසමින් සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ කිසිඳු සම්බන්ධයක් නොමැති බව ද මෙයින් ප්‍රකාශ කරමි.
එසේම, ඔහු හට කිසිඳු ආකාරයේ තනතුරක් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් ලබා දී නොමැත.
ඔහුගේ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම පුද්ගලික වන අතර වත්මන් අග්‍රාමාත්‍යතුමා හෝ අග්‍රාමාත්‍ය කාර්යාලය එම අදහස් අනුමත නොකරන බවද වැඩිදුරටත් දන්වා සිටිමි.
රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්.