ලෝකයේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොවිඩ් ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා අප්‍රිකාවේ සිට ශ්‍රී ලංකාවට සංක්‍රමණය වී ඇති බවට හඳුනාගෙන ඇත.
ඒ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්ත වලට අනුව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිල වශයෙන් නිවේදනය කරයි.
මේ පිළිබඳව කලබල විය යුතු නැතැයි ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරල්වරයා ජනතාවට දන්වා සිටී.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා, වසංගත රෝග විද්‍යාඥ සම්ත ගිණිගේ මහතා සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ රංජිත් බටුවන්තුඩාව මහතා සහභාගි විය